අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුප්පත් මිනිස්සුන්ගේ ආර්ථිකය ගොඩනැගීම සමෘද්ධියේ ඉලක්කයයි - අමාත්‍ය එස්.බී. දිසානායක

    මැයි 26, 2017

    දුප්පත් මිනිස්සුන්ගේ ආර්ථිකය ගොඩනැගීමත් ඔවුන්ට අප්‍රමාදව ආධාර කර දුප්පත් ජනතාව ගොඩගැනීම සමෘද්ධි ව්‍යාපාරයේ ඉලක්කය බව සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

    දිවිනැගුම පනත යටතේ නියෝගය විවාදයේ අඳහස් දක්වමින් අද (26) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    ප්‍රජාමූල සංවිධානවල ඉන්නේ සමෘද්ධි සහනාධාරලාභීන්.සමෘද්ධි ණය ලබාදෙන ප්‍රමානය දෙගුණයක් කරන්නයි බලාපොරොත්තු වන්නේ. අපිට සමෘද්ධි සහනාධාර නොදෙන,අඩු ආදායම්ලාභී අයට ශුද්‍ර මූල්‍ය ලබාදීමේ අරමුණින් මෙය ආරම්භ කළේ.

    අද ගම්වලඉතාම ඉහළ පොළියට ණය දෙන ගිණිපොලී ව්‍යාපාර තිබෙනවා. ශුද්‍ර මූල්‍ය ලබාදෙන ක්‍රමයක් දෙනව නම්, ගමේ අය පොළීකාරයා ළඟට යන්නේ නෑ. සියයට 97% ක් වන කුඩා ණය ඉල්ලන අයට ප්‍රාග්ධනය සෑපයීමයි අපට අවශ්‍යය. සමෘද්ධි සහනාධාර නැතත්, කුඩා කණ්ඩායම්වලට එකතුවෙලා, බැංකුවලාට සම්බන්ධවෙලා, ණය ගැනීමට අවස්ථාව ලබාදුන්නා.

    ආර්ථික මට්ටම හොඳට බලා කුඩා කණ්ඩායම්වලට ගන්න කියල උපදෙස් ලබාදී තිබෙනවා. සියයට සියයක් මේ ජනතාවගේ සල්ලි. සිප්දොර ශිෂ්‍යත්වය නිසා හැමදරුවෙකුටම ගිණුම් අංකයක් තිබෙනවා. රුපියල් 1500ක් දරුවෙකුට ලබාදෙනවා. උතුරු නැඟෙනහිර සමෘද්ධි නිලධාරීන්ගේ හිඟයක් තිබෙනවා. සමෘද්ධි කළමනාකරුවන් ලෙස උපාධිධාරීන්  බඳවාගැනීමට බලාපොරොත්තු වෙනවා. සමෘද්ධි සහනාධාර තේරීම අවසන් අදියරේ තිබෙන්නේ. සමෘද්ධි සහනාධාර ලබාදෙන අය නිවැරැදි ලෙස වර්ගීකරණය කරනවා. සමෘද්ධියට සල්ලි තිබෙනවා. දුප්පත් ජනතාව ණය බරෙන් ගලවාගන්න අවශ්‍යයි. අපි දුප්පත්කම සියයට 3%පමණ පහළට දමා තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya