නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අගමැතිට ජනපතිගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

    මැයි 11, 2017

    ජාත්‍යන්තර වෙසක් දින උළෙලෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී   නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පිරිනමන  විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය අද (11) රාත්‍රීයේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබුණි.

    ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යතුමා, ජනාධිපතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනුලැබීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසුරිය, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ, රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya