නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුදු දහමින් පාලකයින්ට මෙන්ම පාලිතයින්ටද පාඩමක් ගත හැකියි - අගමැති රනිල් වික්‍ර‍මසිංහ

    මැයි 12, 2017

    බුදු දහමේ පදනම වන්නේ සමාජ සාධාරණත්වය බවත් බුදුදහමෙන් ඒ සඳහා ලබාදී ඇති ඉගැන්වීම් තුළින් ලෝකයේ වර්තමාන පාලකයින්ට මෙන්ම පාලිතයින්ටද පාඩමක් ගත හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍ර‍ණ ශාලාවේ අද (12) පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා ලෝක බෞද්ධ සමුළුවේ සමාරම්භක උත්සවයේ අමතමින් ප්‍ර‍කාශ කළේය.

    වෙසක් පෝය දිනය ආරම්භ වී ඇත්තේ මෙයට සියවස් 26කට පමණ පෙර බවත් එය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කිරීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන කාලයේදී එවකට විදේශ කටයුතු ඇමැතිව සිටි ලක්ෂ්මන් කදිරගාමන් මහතා ගත් ක්‍රියාමාර්ගය අගය කළ යුතු බවත් විකුමසිංහ මහතා සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ ආරාධනය පිළිගෙන මෙම උළලේ ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා සහභාගි වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතාට ශ්‍රී ලංකා රජය හා ජනතාව කෘතඥ වන බව ද ඒ මහතා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya