33 වන ප්‍රධාන අමාත්‍ය සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) හබරණ සිනමන් ලොජ් සංචාරක නිකේතනයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සිහිපත් කරමින් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත මෙහිදී සමරු සිහිවටනයක් ප්‍රදානය කළේය.
මීළඟ 34 වන සමුළුව පැවැත්වීමට නියමිත වයඹ පළාත් සභාව වෙනුවෙන් ප්‍රධාන අමාත්‍ය සමුළුවේ සභාපතීත්වය වයඹ පළාත් සභාව වෙත පිරිනැමීම ද මෙහිදී සිදුවිය.
වත්මන් ප්‍රධාන අමාත්‍ය සමුළුවේ සභාපතීත්වය දරන උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා විසින් ජනාධිපතිතුමා ඉදිරියේ දී වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා වෙත එම සභාපතීත්වය මෙහිදී පිරිනැමීය.
පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා සහ පළාත් සභා ප්‍රධාන ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම සමුඑවට එක්ව සිටියහ.