නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාර්ක් චන්ද්‍රිකාව දියත් කරනු ලැබීමේ අවස්ථාව වෙනුවෙන් ජනපතිගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සුබපැතුම් ...

    මැයි 06, 2017
    ශ්‍රී ලංකාව ඇතුථ සාර්ක් සංවිධානයේ සාමාජික රටවල් සියල්ලටම පොදු සන්නිවේදනය සදහා යොදා ගත හැකි චන්ද්‍රිකාවක් ඉන්දියාව විසින් (05) පස්වරුවේ ගුවන්ගත කරනු ලැබූ අතර ඒ වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය සුබපැතුම් පිිරිනැමීය.
    අද පස්වරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇමතූ ජනාධිපතිතුමා සිය සුබපැතුම් පිරිනමමින් ප්‍රකාශ කළේ සාර්ක් රටවල් අතර සහයෝගීතාවය හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අභිවෘද්ධිය හා ප්‍රගමණය උදාකර ගැනීම සදහා මෙම චන්ද්‍රිකාව දියත් කිරීම ඓතිහාසික සන්ධිස්ථානයක් වනුඇති බවයි. 
    සාර්ක් කලාපීය රටවල් අතර සම්බන්ධතාවය ශක්තීමත් කිරීම වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කැපවීම ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය. 
    ''දකුණු ආසියානු සන්නිවේදන චන්ද්‍රිකාව'' ලෙස හදුන්වා ඇති මෙම චන්ද්‍රිකාව ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ රොකට් අංගනයෙන්   පස්වරු 4.57 ට පමණ  ගුවන්ගත කෙරුණු අතර ඉන්දීය රුපියල් කෝටි 450 ක වියදමින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය දියත් කරනු ලබන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ''සංවර්ධනය සියල්ලන්ටම'' යන සංකල්පය යටතේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya