පුනර්ජනනීය ජෛව ඉන්ධන භාවිතයෙන් දැවැන්ත කර්මාන්තශාලා ක්‍රියාත්මක කරවිමේ ශ්‍රී ලංකාවේ පුරෝගාමී කර්මාන්තකරුවා වූ ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් බිලියන 2.5 ක් ආයෝජනය කොට මෙම ජෛව ඉන්ධන විදුලිබලාගාර ව්‍යාපෘතිය ආරම්භ කොට ඇති අතර එය මෙතැන් පටන් ගිගාවොට් 70 ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරනු ඇත.
පූජා මූලික ව්‍යාපාර සංකල්පය යටතේ සපයා ගැනෙන කෘෂිකාර්මික අමුද්‍රව්‍ය භාවිතයෙන් මෙම බලාගාරයේ විදුලිබල උත්පාදනය සිදුවෙයි.
විදුලිබලාගාර ව්‍යාපෘතිය විවෘත කිරීමට එක්වු ජනාධිපතිතුමා ටෝකියෝ සිමෙන්ති සමාගම සුනාමියෙන් අවතැන්වූවන් වෙනුවෙන් පිරිනැමූ නිවාසවල නිවාසලාභීන් වෙත ඔප්පු ප්‍රදානයට ද එක්විය.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, නැගෙනහිර පළාත් ඇමතිනී ආරියවතී ගලප්පත්ති, ටෝකියෝ සිමෙන්ති සමාගමේ සභාපති ආචාර්ය හර්ෂ කබිරාල්, සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. ආර්. ඥානම් ඇතුඑ පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.