නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බව ජනපති පවසයි

    මැයි 04, 2017

    රටට කෙතරම් ආර්ථික ප‍්‍රතිලාභ ගෙන දුන්නද, රටට අහිතකර සහ නොගැළපෙන කොන්දේසි සහිත කිසිදු ආයෝජන හෝ වෙළෙඳ ගිවිසුමකට, කිසිදු රටක් සමග රජය අත්සන් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ  (03)  ජනාධිපති කාර්යාලයේ පැවැති අතර එහිදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.


    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සහ ඒ යටතේ පවතින ආයතනවල ක්‍රියාකාරිත්වයේ මෙතෙක් ප‍්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

    ලංකා විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන ජනන සැලැස්ම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර රටේ විදුලිබල නිෂ්පාදනයේදී පරිසර සුරක්ෂිතතාවය සඳහා නිසි තැන දෙමින් ආර්ථිකය සවිමත් කිරීම සඳහා ගැළපෙන ජනන මිශ‍්‍රණයක් ඇති කිරීමේ යෝජනා පිළිබඳ අවධානය යොමු කෙරිණි.

    ජාතික බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා ප‍්‍රායෝගිකව සංවර්ධනය කළ හැකි සියලු බලශක්ති ප‍්‍රභවයන් උපාය මාර්ගික ලෙස යොදා ගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.

    මේ අනුව විදුලිබල නිෂ්පාදිතය සඳහා ඉන්ධන ප‍්‍රභවයන් වශයෙන් ස්වභාවික වායු, ගල්, අගුරු, දැවි තෙල් වැනි පොසිල ඉන්ධන මෙන්ම සුළං බලය, සූර්ය බලය, ජෛව ස්කන්ධ බලය, භූ තාපය, මුහුදු රළ හා ඝන අපද්‍රව්‍ය වැනි පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් ද පරමාණුක බලශක්ති ද සුදුසු පරිදි යොදා ගැනීම සඳහ වූ යෝජනා පිළිබඳ සාකච්ඡාවට බඳුන් වූහ.

    පැරිස් සමුළුවේදී එකඟ වූ කාබන් විමෝචනය අඩු කිරීම සඳහා වූ යෝජනා ක්‍රියාත්මක කිරිමේ ප‍්‍රගතිය පිළබඳව ද මෙහිදී විමසා බැලිණි.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා යන මහත්වරුන් සහ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප‍්‍රධානීන් සහ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya