අමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
මේ යටතේ අධ්‍යාපන පරිපාලන සේවයේ මෙතෙක් පුරප්පාඩුව තිබූ තනතුරු 852ක් සම්පූර්ණ කර තිබේ. එමෙන් ම විදුහල්පතිවරු 3901ක් බඳවාගෙන පුහුණුව ලබාදීමෙන් පසුව පද්ධතියට යොදවා ඇතැයි කී අමාත්‍යවරයා, වැරදි සිදු කළ විදුහල්පතිවරුන් වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලද බව පැවසීය.
අධ්‍යාපන සේවය කඩාකප්පල් කිරීම සඳහා ඇතැමුන් අසනීප නිවාඩු යැවීමට ක්‍රියාකරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසී ය.