අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අගමැතිගේ නිල සංචාරය තුළ ගිවිසුම් අත්සන් කිරීමක් නැහැ - ජනපති

    මැයි 01, 2017

    තමන්ගේ නිල ආරාධනයක් පරිදි මෙම මැයි මස දිවයිනට පැමිණෙන ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරය තුළදී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගීවීම හැර වෙනත් කිසිදු රාජකාරී කටයුත්තක් සිදු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙන්නේ රටේ කොටස් අයිති කර ගැනීමට ගිවිසුම් අත්සන් තැබීමට බව ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වැරදි ප‍්‍රචාරයන් ගෙන යමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා මෙම සියලු ප‍්‍රචාරයන් ආණ්ඩු විරෝධි පිරිසක් විසින් ගෙන යන අසත්‍ය ප‍්‍රචාරයන් බව ද කියා සිටියේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මඩකලපුව ඔඞ්ඩමාවඩි මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට පසුගියදා එක් වෙමිනි.

    අද ශී‍්‍ර ලංකාවට සෑම රටකම මිත‍්‍රශීලි සහයෝගය හිමිව තිබෙන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ තුළින් ශී‍්‍ර ලංකාවට සංවර්ධිත රටක් ලෙස ගොඩනැගිය හැකි බවත්, එම වැඩපිළිවෙළේදී සියලු ජන කොටස් අතර තිබිය යුතු සාමය, සමගිය සහ විශ්වාසය බිඳ දැමීමට අන්තවාදී පිරිසක් උත්සාහ දරන බවත් ප‍්‍රකාශ කළේය.
    මේ පිළිබඳ ජනතාව සැබෑ අවබෝධයකින් කටයුතු කළ යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    නැගෙනහිර පළාතේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, රජය සහ පළාත් සභාව එක්ව සාකච්ඡා කර විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

    විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය නිමිත්තෙන් සංවිධානය කෙරුණු වෙළෙඳ සහ අධ්‍යාපනික ප‍්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය.
    විද්‍යාලයේ තෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    සිය වස් සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු කලාපය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    විදුහල්පති ඒ.එම්. හලීම් ඉෂාඞ් මහතා විසින් ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය වී. රාධකි‍්‍රෂ්නන්, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් සහ ගුරුවරුන්, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya