මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවංගත ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ ගුණසමරුව ජනපති ප‍්‍රධානත්වයෙන්

    මැයි 01, 2017

    ශ‍්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපති, දිවංගත රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ 24 වන ගුණසමරු උත්සවය, ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අලූත්කඬේ උසාවිය අසල පිහිටි රණසිංහ පේ‍්‍රමදාස පිළිරුව අභියස දී අද (01) පෙරවරුවේ පැවැත්විණි.

    ගෞරවණීය මහා සංඝරත්නයේ ආගමික වතාවත්වලින් ගුණ සමරු උළෙල ඇරඹුණු අතර ආගමික වතාවත්වලට එක්වෙමින් ජනාධිපතිතුමා මහා සංඝරත්නය වෙත අටපිරිකර පූජා කළේය.

    අනතුරුව ජනාධිපතිතුමා, රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ද එක්විය.

    මේ අවස්ථාවට සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමින් වහන්සේ, මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ, ප‍්‍රමුඛ මහා සංඝරත්නය, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ හේමා පේ‍්‍රමදාස මහත්මිය ඇතුළු රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ පවුලේ ඥාතීන් ද ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya