අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකලපුව ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ සියවස් සැමරේ

    මැයි 01, 2017

    මඩකලපුව ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා පැවැත්විණි.

    විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

    විද්‍යාලයේ තෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය  විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය නිමිත්තෙන් සංවිධානය කෙරුණු වෙළෙද සහ අධ්‍යාපනික ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්නන්, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී යන මහත්වරුන් ඇතු‍ළු මහජන නියෝජිතයින් පිරිසක් ද, විදුහල්පති ඒ.එම්. හලීම් ඉෂාඩ් මහතා ඇතුළු ගුරුවරුන්, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya