සැප්තැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් සමීක්ෂණයට ඔස්ට්‍රේලියා සහය

    පෙබරවාරි 15, 2017

    ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් පිහිටා ඇති ස්ථාන හඳුනාගැනීමේ සමීක්‍ෂණයක් පැවත්වීමටත්, එය පදනම් කර ගනිමින් ඛනිජ සම්පත් සිතියමක් සැකසීමටත් සහය ලබා දෙන බව ඔස්ට්‍රේලියානු කර්මාන්ත, නවෝත්පාදන සහ විද්‍යා අමාත්‍ය ආතර් සිනොඩිනොස් (Hon. Arthur Sinodinos) මහතා පැවසීය.

    අමාත්‍ය සිනොඩිනස් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස අතර ද්විපාර්ශවික සාකච්ඡා 15 වන දා පෙරවරුවේ කැන්බරා නුවර පාර්ලිමේන්තු මන්දිරයේ දී පැවති අවස්ථාවේ ශ්‍රී ලංකා පාර්ශවයෙන් කෙරුණු ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් එසේ පැවසූ සිනොඩිනස් මහතා නවෝත්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය විද්‍යාත්මක දැනුම ලබා දීමට ද තමන් සූදානම් බව ප්‍රකාශ කළේය.

     

    අනාගතයේ ශ්‍රී ලංකාවේ අරමුණ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ගොඩ නැංවීම බව ශ්‍රී ලංකා දූත පිරිස පෙන්වා දුන්හ. එහිදී නව නිමැවුම් සහ නවෝත්පාදනයන්ට විශේෂ අවකාශයක් උදාවන  බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

     

    වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් හිමාලී අරුණතිලක, මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක චන්දන වීරසේන, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකාරක තුෂාර වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු ද මේ සාකච්ඡාවන්ට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya