කතානායක කරූ ජයසූරිය මහතා විසින් අද (9) දින පාර්ලිමේන්තුව විනාඩි 10කට කල්තබන ලදී.
ඊයේ සම්මත වීමට නියමිත තිබූ නියෝග කීපයක් සම්මත නොවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට ලක් වූ අතර ඒ පිළිබඳව තීරණයක් ගැනීම සම්බන්ධයෙන් හදිසි පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට කතානායකවරයා මෙලෙස සභාවේ කටයුතු විනාඩි 10කට කල්තැබිය.