ඊයේ සම්මත වීමට නියමිත තිබූ නියෝග කීපයක් සම්මත නොවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට ලක් වූ අතර ඒ පිළිබඳව තීරණයක් ගැනීම සම්බන්ධයෙන් හදිසි පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට කතානායකවරයා මෙලෙස සභාවේ කටයුතු විනාඩි 10කට කල්තැබිය.
රේගු ආඥා පනත යටතේ යෝජනාව,විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය,සුරාබදු ආඥා පනත යටතේ නිවේදනය ඊයේ දින විවාදයට ලක් කෙරිණි.
පාර්ලිමේන්තුව අද (09) පෙ.ව. 10.30ට රැස්විය