අග්‍රාමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා විසින් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
ඉරනතිව් දුපත අතහැර ගොස් තිබුණා එදා පැවැති යුද්ධය නිසා. දැනට සියලු දෙනාට ඉරණමාතා නගර්,නච්චිකුඩා, අම්බපාපුරම්, ගම්මානවල විකල්ප ඉඩම් ලබාදී තිබෙනවා. මේ ප්‍රදේශය අරගත්තේ එදා එල්.ටී.ටී.ඊ ය නීති විරෝධීව ගෙන එන අවි ආයුධ පාලනය කරගන්නයි. දැනට මේ ප්‍රදේශය නාවික හමුදාවට වැදගත්කම් දෙකක් තිබෙනවා. නාවික හමුදාවට නීතිවිරෝධී දකුණු ඉන්දීයාවෙන් එන ධීවරයන් පාලනය කරන්න හා මුහුදේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කරනනත් දූපත වුවමනායි. ඒ නිසා මේ දූපත මේ මට්ටමින් ම තබාගැනීමට වුවමනායි කියලා දැනට නාවික හමුදාව වාර්තා කර තිබෙන්නේ.
එහෙත් ධීවර ජනතාවට හා අනෙක් සිවිල් වැසියන්ට ධීවර කර්මාන්තය කිසිදු බාධාවකින් තොරව,කරගෙන යන්න අවශ්‍ය ඉඩ ප්‍රස්ථා නාවික හමුදාවෙන් සලසා දී තිබෙනවා. ඉරණතිව් දූපත ආශ්‍රිතව මසුන් ඇල්ලීම කරන ධීවරයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට, තම දැල් වේලාගැනීමටත්, අවශ්‍ය තාවකාලික නිවාස ලබාදී ධීවර කර්මාන්තයට අවශ්‍ය පහසුකම් සළසා දී තිබෙනවා.
මුහුදු තීරයේ ධීවර කර්මාන්තයේ යෙදෙන්න පුළුවන්. එහි දැනට ප්‍රශ්නයක් නෑ.ධීවර කර්මාන්තය ගැන ප්‍රශ්නයක් නෑ. අක්කර 10ක පොල් ඉඩම් තිබෙනවා. හිමිකරුවන්ට තාවකාලිකව රැදී සිට අවශ්‍ය කටයුතු කළ හැකියි.
ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රසිද්ධ ක්‍රිස්තියානි දේවස්ථානයක් වන සෙබාමාලේ මාතා දේවස්ථානය මේ ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. එහි දේව මෙහෙයන් සිදු කිරීමට කිසිම තහංචියක් දමා නෑ.සියලු පහසුකම් දේවස්ථානයේ පියතුමන්ගේ උපදෙස් පරිදි නාවික හමුදාව සිදු කරනවා.
ආරක්ෂක ලේකම්තුමාත් වාර්තා කර තිබෙන්නේ, එකක්, දකුණු ඉන්දියාවෙන් පැමිණෙන ධීවරයන් පාලනය කිරීම,විශාල මත්ද්‍රව්‍ය උවදුරක් තිබෙනවා,මේක වැදගත් ස්ථානයක් මෙය පාලනය කරන්න. ආර්ථික කටයුතු වලට ඉඩ දී තිබෙනවා. මත්ද්ව්‍ය පාලනය කිරීමට දූපත ඉතාමත් වැදගත්.මේ අයට දැනට ආගමික හේතු නිසා, ධීවර වැඩකටයුතු නිසා දූපතට යැම වළක්වා තිබෙනවා නම් ඒ ගැන සාකච්ඡා කරන්න. ස්ථීර ඉඩම් දෙන්න අවශ්‍ය නම් ඒ ගැන බලන්න සූදානම්. අපේ අමාත්‍යතුමාට වාර්තා කරන්න. ජීවත් වීමටත් විකල්ප ඉඩම් ලබාදී තිබෙනවා.දැනට තිබෙන තත්ත්වය අනුව මත්ද්‍රව්‍ය පාලනය වීම නිසා මේ තත්ත්වය ඇතිව තිබෙන්නේ යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.