නොවැම්බර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලේක්හවුස් ආයතනය ගැන බැලීමට ජනපතිගෙන් සිව් පුද්ගල කමිටුවක්

    පෙබරවාරි 08, 2017

    සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ කටයුතු විධිමත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

    විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ රාජා පේ‍්‍රමදාස, වී.ඞී. දහනායක, නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න යන මහත්වරුන්ය.

    ලේක්හවුස් ආයතනයේ පරිපාලන හා කළමනාකරණ දුර්වලතා හදුනාගැනීම, මූල්‍ය තත්ත්වය පිළිබඳ විමර්ශනය සහ සේවක පරිපාලනය යන කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම මෙම කමිටුව මගින් සිදු කිරීමට නියමිතය.අදාළ කමිටු වාර්තාව මාස 03 ක් තුළ ජනාධිපතිතුමා වෙත භාරදිය යුතු අතර කමිටු වාර්තාව සැකසීමේදී සේවක හා මහජන අදහස් ද විමසිය යුතුය.

    ලේක්හවුස් ආයතනයේ ඉදිරි දියුණුව සහ එහි කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් ජනාධිපතිතුමා විසින් මෙම කමිටුව පත් කර තිබෙන අතර ආයතනයේ සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි සියලූ පුවත්පත් උසස් ප‍්‍රමිතියකින් පාඨකයින් වෙත ලබාදීම සහ ලේක්හවුස් ආයතනය අනෙකුත් පෞද්ගලික මුද්‍රිත මාධ්‍ය ආයතන සමග තරගකළ හැකි අයුරින් ඉදිරියට ගෙන ඒම මෙහි අරමුණයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya