අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඓතිහාසික දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී

    ජූනි 20, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (20) උදෑසන මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේ ය.


    ජනාධිපතිතුමාට, රටට සහ ජනතාවට ආශිර්වාද පතා කිරි අම්මාවරුන්ගේ දානයක්ද ඓතිහාසික දළදා මාලිගාවේ නාථ දේවාල පරිශ‍්‍රයේදී සංවිධානය කර තිබූ අතර එම අවස්ථාවටද සහභාගී වූ ජනාධිපතිතුමා ආශිර්වාද ලබා ගත්තේ ය.


    පත්තිනි දේවාලයේ පැවති විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව කිරි අම්මාවරුන් විසින් ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පැතීය.


    නාථ දේවාලයේ ඓතිහාසික වැල් බෝධීන් වහන්සේ වටා ඉදිකෙරුණු රන්වැටද විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි. රන් වැට විවෘත කළ ජනාධිපතිතුමා බෝධීන් වහන්සේ වෙත පළමු මල් පූජාවද සිදු කළේය.

     

    අස්ගිරි පාර්ශවයේ මහානායක පූජ්‍ය උඩුගම ශී‍්‍ර බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නයද මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලාද සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.


    ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය ද, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මීට එක්ව සිටියහ.


    HC/pmu_Pix By : President's Media

    President observes religious rites at the Tooth Relics 1

    President observes religious rites at the Tooth Relics 2

    President observes religious rites at the Tooth Relics 3

    President observes religious rites at the Tooth Relics 4

    President observes religious rites at the Tooth Relics 5

    President observes religious rites at the Tooth Relics 6

    President observes religious rites at the Tooth Relics 7

    President observes Sithulpawwa Viharaya 3

    President observes Sithulpawwa Viharaya 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya