මෙම වර්ණ රාත්රියේදී පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 213කට විශේෂ උසස්වීම්, පොලිස් වර්ණ, වැටුප් වර්ධක, පොලිස්පති ප්‍රසංශා සමඟ රුපියල් මිලියන 60ක මුදලක් මුදල් ත්‍යාග වශයෙන් ලබා දී ඇත.
මෙම අවස්ථාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.