නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් සේවාවේ ජාත්‍යන්තර සමුළුවක් ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 05, 2016

    “අනාගත පොලිස් සේවාව – දකුණු ආසියාකරය අභිමුව ඇති අපේක්ෂා සහ අභියෝග” තේමාව රැගත් ජාත්‍යන්තර සමුළුව ඊයේ (04) කොළඹ කිංස්බරි හෝටලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

    කලාපයට පොදු ගැටළු හඳුනාගෙන ඔවුනොවුන් අතර ඇති විවිධත්වය අවබෝධ කරගනිමින් පොලිස් සේවය ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා දකුණු ආසියානු ක‍්‍රමවේද පිළිබඳ සාකච්ඡා කිරීම මෙම සමුළුවේ අරමුණ වන අතර සමුළුව ඊයේ සහ අද (06) කොළඹ දී පැවැත්වෙයි.

    ශී‍්‍ර ලංකා පොලිසියේ 150 වන සංවත්සරය නිමිතිකරගෙන ජාතික පොලිස් කොමිසම, ශී‍්‍ර ලංකා පොලිසිය, උපායමාර්ගික අධ්‍යයනය සඳහා වූ කලාපීය කේන්ද්‍රය ඒකාබද්ධව මෙම සමුළුව සංවිධානය කර තිබේ.

    මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ තිළිණයක් පිළිගැන්වීම ද සිදු වූ අතර ශී‍්‍ර ලංකා පොලිස් කොමිසමේ සභාපති මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා විසින් එය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, පොලිස්පති පූජිත ජයසුන්දර, උපායමාර්ගික අධ්‍යයනය සඳහා වූ කලාපීය කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය ඉම්ටියාස් අහමඞ් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya