ඒ සඳහා කාලසටහනක් ලබාදීමට ද අපේක්ෂා කරන අතර දේශපාලන බේදයකින් තොරව සියලූදෙනාගේ සහාය ලබා ගනිමින් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලූ මැති ඇමතිවරු කැපවිය යුතු බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (05) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුව අමතමිනි.
තිරසර සංවර්ධන ඉලක්ක කි‍්‍රයාත්මක විය යුත්තේ රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ අරමුණු ඉටු කර ගැනීම සඳහා බව ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා තිරසර සංවර්ධන ප‍්‍රතිපත්ති පිළිබඳව දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරින්, දෙපාර්තමේන්තු ප‍්‍රධානින් මෙන්ම සියලුම ආයතනවල සේවය කරන පිරිස් මෙන්ම මහජනතාව ද දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.
ගෝලීය උෂ්ණත්වය සහ පරිසර විනාශය පිළිබඳ අද මුළු ලෝකයම කලබලයට පත්ව ඇති අතර එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පැරිසියේ පැවති සමුළුවේදී එළැඹුනු ප‍්‍රඥප්තියට අනුගත වූ ආසියානු රටවල් අතර ශී‍්‍ර ලංකාව ප‍්‍රමුඛත්වය ගන්නා බව ද ප‍්‍රකාශ කළේය.
ජාතික තිරසර සංවර්ධන සහභාගිත්ව මණ්ඩපය ලෙස නම් කර තිබූ මෙම වැඩමුළුව තිරසර සංවර්ධන අභිමතාර්ථයන් කි‍්‍රයාවට නැංවිම පිළිබඳව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, රාජ්‍ය නිලධාරින් සහ පාර්ශවකරුවන් අතර සංවාදයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් තිරසර සංවර්ධන හා වනජිවි අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබුණි.
පුජ්‍ය අතුරලියේ රතන හිමිපාණන් වහන්සේ ද, තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, නියෝජ්‍ය ඇමතිනි සුමේධා ජී. ජයසේන යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරු සහ පළාත් මැති ඇමතිවරුන් ද මීට එක්ව සිටි අතර එක්සත් ජාතින්ගේ නේවාසික සම්බන්ධිකාරක උනා මැකෝලි මහත්මිය ඇතුළු ආරාධිත පිරිසක් ද එක්ව සිටියහ.