පාසලේ ගුරුවරයෙක් දරුවෙකුට පහරක් ගැසූ විට උසාවියේ නඩු දමන තත්ත්වයකට අද අපේ සමාජය පත්ව ඇති අතර එය සාධාරණ ද අසාධාරණ ද යන්න පිළිබඳ බොහෝ සංවාද ඇතත් මුලික අයිතිවාසිකම්, මානව හිමිකම්, නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය භූක්ති විඳිනවා සේම එය සැබෑ ලෙස තේරුම් ගැනීම සහ අධ්‍යයනය කිරීම දෙමාපියන්ගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (05) නෙළුම් පොකුණ රංග ශාලාවේ පැවති “ගුරු ප‍්‍රතිභා ප‍්‍රභා ප‍්‍රණාම” උළෙල අමතමිනි.
ශී‍්‍ර ලාංකේය පාසල් අධ්‍යාපනයේ මුරදේවතාවුන් වන් ගුරුභවතුන් හා විදුහල්පතිවරුන් තම වෘත්තියේ උත්තරීතර බව ලොවට කියාපාමින් දැයේ දරුවන්ගේ අනාගතය සුබදායී කිරීමට කැපවීමෙන් හා දිරියෙන් සිදුකරන සේවයට නිසි උපහාර දැක්වීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය “ගුරු ප‍්‍රතිභා ප‍්‍රභා” ප‍්‍රණාම උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.
සමාජයක් සහ රටක් වෙනස් කිරීම දේශපාලනඥයින් සතු කාර්යයක් වුවද රටත්, සමාජයත් ආධ්‍යාත්මිකව සුවපත් කළ හැක්කේ ගුරුවරයාට බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ගුරු සේවයේ උන්නතිය වෙනුවෙන් රජයක් ලෙස ලබාදිය යුතු සෑම පහසුකමක්ම ලබාදීමට වත්මන් රජය කැපවී සිටින බව ද කියා සිටියේය.
විදුහල්පතිවරුන් 250 දෙනෙකු, ගුරුවරුන් 459 දෙනෙකු, පරිවෙණාධිපතිවරුන් 29 දෙනෙකු සහ පරිවෙණාචාර්යවරුන් 56 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර සංකේතාත්මකව තිස් දෙදෙනෙකු වෙත සහතික හා ප‍්‍රණාම ලබාදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය වී. රාධකි‍්‍රෂ්ණන්. නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු ද, පළාත් අධ්‍යාපන අමාත්‍යවරු සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.