නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සාමය හා සංහිඳියාව තහවුරු කිරීමට කැප වෙනවා - ජනපති

    ඔක්තෝබර් 02, 2016

    එකිනෙකා අතර සාමය, සහෝදරත්වය සහ විශ්වාසය ගොඩනගමින් හදවත් සුවපත් කරන විශ්ව භාෂාවක් වූ කී‍්‍රඩාව දියුණු කරමින් රටේ සාමය සහ සංහිඳියාව තහවුරු කිරීමට කැපවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

    සාමය, සහෝදරත්වය සහ සංහිඳියාව ගොඩනැගීම අරමුණු කර ගනිමින් යාපනය දොරෙයිඅප්පා කි‍්‍රඩාංගණයේ පැවැත්වුණු 42 වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ සමාප්ති උත්සවයට අද (02) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

    කී‍්‍රඩාපිටිය යනු ජාති, ආගම්, කුල මෙන්ම පළාත් බේදයකින් තොරව සියලු දෙනාට එක්විය හැකි ස්ථානයක් බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා අශිෂ්ට සමාජය ශිෂ්ට කරන කි‍්‍රඩා පිටිය පුද්ගලයින් තුළ විනය සහ හික්මීම ගොඩනගන බවද කියා සිටියේය.

    අද අපේ රටට සේම සමස්ත ලෝකයටම ශිෂ්ටත්වය දැඩිව අවශ්‍ය වී ඇති බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා ලෝකය අද යුද වදින්නේ ශිෂ්ටත්වය නොමැතිකම නිසා බවත් යුද්ධය නැති වී සාමය ගොඩනැගීමටනම් සමස්ත ලෝකයම ශිෂ්ටත්වය ළඟා කර ගත යුතු බවත් කියා සිටියේය.

    ගුණ යහපත් මෙන්ම විනයගරුක සමාජයක් ගොඩනැඟීම සඳහා කී‍්‍රඩා ක්ෂේත‍්‍රය වෙනුවෙන් ලබාදිය යුතු සෑම පහසුකමක්ම ලබාදීමට වත්මන් රජය කැපවී සිටින බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා සමස්ත රට තුළම එක හා සමාන සංවර්ධනයක් ඇති කරන අයුරින්ම දිවයිනේ සෑම පළාතකම දරුවන්ගේ කී‍්‍රඩා කෞෂල්‍යයන් ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් නොඅඩුව ලබාදෙන බවද කියා සිටියේය.

    ඒ සඳහා අවශ්‍ය ඉහළ ප‍්‍රමිතියෙන් යුත් කී‍්‍රඩාංගණ, නවීන තාක්ෂණය ඇතුළු සෙසු පහසුකම් සෑම පළාතක් සඳහාම ලබාදෙන බව ද පැවසීය.

    මෙවර ජාතික මහා කී‍්‍රඩා උළෙල සඳහා දිවයිනේ පළාත් 9 යම නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 800 කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර විශිෂ්ටතා දැක්වූවන්නට ජය සංකේත ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය ඇමතිනි වියජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් සහ පළාත් කි‍්‍රඩා අමාත්‍යවරුන්, කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඇතුළු විශාල පිරිසක් සමාප්ති උත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya