නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක හදවත් දිනය වෙනුවෙන් විශේෂ පා ගමනක්

    ඔක්තෝබර් 03, 2016

    ලෝක හදවත් දිනය සමරමින් සංවිධානය කළ විශේෂ පා ගමනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පැවැත්විණි.

    ශ්‍රී ලංකා හදවත් සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම පා ගමන ඊයේ කොළඹ විහාර මහා දේවි උද්‍යාන පරිශ්‍රය අසළින් ආරම්භ කෙරිණි.

     

    වර්තමානයේ හදවත් රෝගවල ප්‍රවණතාව සීග්‍රයෙන් වැඩිවෙමින් පවතී. අහිතකර සෞඛ්‍ය පුරුදු හා ආහාර ක්‍රම මේ සඳහා මූලික ලෙස බලපා තිබේ.

     

    “සෞඛ්‍ය සම්පන්න ජීවන ක්‍රම හා ආහාර පුරුදු ඇතිකර හදවත් රෝග ඇතිවීම වලක්වා ජීවිතය ජවනය කර ගැනීම” යන්න මෙවර ලෝක හදවත් දිනයේ තේමාව වන අතර එම අරමුණ ඔස්සේ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

     

    ලෝක හදවත් දින සැමරුම හා සමගාමීව පාසල් දරුවන් අතර පැවති පෝස්ටර් සහ චිත්‍ර තරගයේ ජයග්‍රහාකයින්ට තිළිණ ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    එම චිත්‍ර හා පෝස්ටර් නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya