ථේරවාදී බුදු දහම පිළිබඳ මූලස්ථානය බවට ශී‍්‍ර ලංකාව පත් කරමින් කි‍්‍රයාත්මක කෙරෙන මහා ධර්ම ප‍්‍රචාරක වැඩසටහන ද ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා සහ මඟපෙන්වීම යටතේ ලබන වසරේ සිට කි‍්‍රයාත්මක කරන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඊයේ (12) පස්වරුවේ අම්බලන්ගොඩ, පොල්වත්ත ශී‍්‍ර අග්ගාරාම විහාරස්ථානයේ පැවති පුණ්‍යෝත්සවයකට එක් වෙමිනි.
අමරපුර මහා නිකායේ කල්‍යාණිවංශ පාර්ශවයේ අනුනායක ධුරයෙන් පිදුම් ලැබූ ශාස්ත‍්‍රවේදී පූජ්‍ය නින්දානේ වජිරඤාණ නායක ස්වාමින් වහන්සේ වෙත සන්නස් පත‍්‍ර පිළිගැන්වීම වෙනුවෙන් මෙම පුණ්‍යෝත්සවය පැවැත්විණි.
අභිනව අනුනායක හිමිපාණන් වහන්සේ වෙත සන්නස් පත‍්‍රය සහ විජිණිපත පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ උගත් වියත් මෙන්ම ශික්ෂාකාමී, ධර්මධර භික්ෂුන් වහන්සේගේ සේවය අද රටට ඉතා දැඩිව අවශ්‍යව ඇති බවයි.
වාණිජ සමාජය සමග දිනෙන් දින පරිහානියට පත්වන සමාජය සුවපත් කිරීමට ඇති එකම මග බෞද්ධ දර්ශනය බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ලබන වසරේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන බවත් ඊට ලෝකයේ සියලු බෞද්ධ රටවල රාජ්‍ය නායකයින්ට ආරාධනා කරන බවත් කියා සිටියේය.
අභිනව අනුනායක පදවියෙන් පිදුම් ලබන ශාස්ත‍්‍රවේදී නින්දානේ වජිරඤාණ නායක හිමිපාණන් වහන්සේ අම්බලන්ගොඩ, පොල්වත්ත ශී‍්‍ර අග්ගාරාමය, කොබෙයිතුඩුව සිරි පශ්චිමාරාමය සහ දොරල පූර්වාරාමය යන විහාරත‍්‍රයාධිපති ධුරය දරන අතර උන්වහන්සේ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයායි.
අමරපුර මහා නිකායේ කල්‍යාණිවංශ පාර්ශවයේ මහානායක පූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි මහානායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ප‍්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ද මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.