ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කළ රුපියල් මිලියන 35ක් වටිනා ගිලන්රථයක් ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිතුමා වෙත භාර කෙරුණු අතර එය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරීම ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇතුළු ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ නිලධාරීන් ද ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල මහතා ඇතුළු ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක් විය.