එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
"සමාජය තුළ වන උස් පහත් භේද දුරු කර සහජීවනයෙන් දිවි ගෙවන්නටත්, පරිත්‍යාගශීලීව තමා සතු සම්පත් නැති බැරි අය සමඟ බෙදා හදා ගන්නටත් හජ් උත්සවය ප්‍රමුඛ කොටගත් ඉස්ලාම් දහමේ හරය මුස්ලිම් ජනතාවට මෙන්ම අප සැමට ද ලබා දෙන අගනා පණිවිඩයයි.
සමස්ත මුස්ලිම් බැතිමතුන් එක් වී ලෝක සාමය වෙනුවෙන් අල්ලාහ් දෙවියන් යදිමින්, ජීවිතය අනිත්‍ය බව සිහිපත් කරමින් ආගමික වතාවත් ඉටුකරන ජාත්‍යන්තර සමුළුවක් ලෙස ද හජ් උත්සවය සැලකිය හැකි ය. කෙනෙකුගේ ධනය, බලය, නිලය හෝ තරාතිරම නොව වඩා වැදගත් වන්නේ මනුෂ්‍යත්වය බව මෙහිදී වඩාත් ඉස්මතු වේ.
හජ් උත්සවයේ අධ්‍යාත්මික වටිනාකම් සියලු ලෝක වාසීන්ගේ ජීවිත වඩා යහපත් කරවන්නට දායක වේවා යන පැතුමින්, සියලු මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් ඊදුල් අල්හා උත්සවයක් වේවායි සුබ ප්‍රාර්ථනා කරමි."