බෞද්ධ රටවල් කේන්ද්‍ර කර ගනිමින් සෑම වසරකම උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය 2017 වසරේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇත්තේ ප‍්‍රථම වරටය.
ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය සඳහා ඉන්දියාව, චීනය, ජපානය, තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, මියන්මාරය, ලා ඕසය, ටිබටය, භූතානය, මොංගෝලියාව ඇතුළු බෞද්ධ රටවලින් ගිහි පැවිදි නියෝජිතයින් දහසකට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.
මෙම වෙසක් සැමරුම් උළෙල රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස ජනාධිපතිතුමා විසින් මෙහිදී අදාළ අමාත්‍යාංශ වලට සහ නිළධාරීන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම මෙම ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල සංවිධානය සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කරන ලෙස ද ජනාධිපතිතුමා, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත උපදෙස් දුන්නේය.
මෙම උළෙල සාර්ථක කර ගැනීම උදෙසා අදාළ ප‍්‍රගතිය අධීක්ෂණය කිරීමට ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මසකට වරක් රැුස්වීමක් පැවැත්වීමට කටයුතු යොදන කරන ලෙස ද ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදී.
මෙම සාකච්ඡාවට ශාස්ත‍්‍රපති අතිපූජ්‍ය ත‍්‍රිකුණාමලයේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය නියංගොඩ ධර්මසිරි ශ‍්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනායන ස්වාමීන් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නය ද අමාත්‍යවරුන් රැසක් ද අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.