මැලේසියාවේ දී ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට කළ පහරදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යොමු කළ ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රකාශයට අඳහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
තවදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයට එල්ල වූ ප්‍රහාරය ශ්‍රී ලංකා රජය තරයේ හෙළා දකිනවා. ඒ ගැන ක්‍රියා කළා. මැලේසියාවේ මහකොමසරිස් එදිනම කැඳවා මේ ගැන අපගේ අප්‍රසාදය ප්‍රකාශ කරන්න කියා වැඩබලන විදේශ අමත්‍යතුමාට නියෝග කළා.
විදෙස් ගමන්වලදී විදේශ කටයුතු අමාත්‍යාංශය,රජයේ යුතුකම අවශ්‍ය උපකාර, මන්ත්‍රීවරුන්ට,ඇමැතිවරුන්ට,ලබාදීම. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට හිටපු ජනාධිපතිවරයකු හැටියට ලබාදිය හැකි සෑම ආධාර උපකාරයක් ම ලබා දී තිබෙනවා. ආරක්ෂව අපි යන විදෙස් රටින් ඉල්ලා සිටින්න පුළුවන්. ආරක්ෂාව බාරව තිබෙන්නේ ඒ රටවලටයි. හිටපු ජනාධිපතිතුමාට හැම ආධාරයක් ම දී තිබෙනවා. එය අඩු කර නෑ.
ආසියානු දේශපාලන පක්ෂ සම්මේලනයේ හිටපු සභාපතිවරයෙක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. මේ සම්මේලනයට සහභාගී වන සියලු දෙනාට අවශ්‍ය ආධාර දෙන්න කියා මහකොමසාරිස්තුමාට නියෝග කළා.
සිදුවීම් කීපයක් ඇති උණා. මේ සිදුවීම ඇති වුණේ මහකොමසාරිස්තුමා ගුවන්තොටුපලට ගිය අවස්ථාවේ දී. ලංකාවටත් තිබෙනවා විදෙස් තානාපතිවරු ආරක්ෂා කිරීමේ වගකීම, මැලේසියාවටත් තිබෙනවා. මේ ගැන විභාග කරන්න කිව්වා.අපිට ලබෙන ආරංචි හැටියට මෙයට සම්බන්ධ වී සිටින්නේ වී ටැමිල් පක්ෂයේ අයයි.දකුණු ඉන්දියාවේ ක්‍රියාත්මක වෙන්නේ, මැලේසියාවේ ශාඛාවේ. ශ්‍රී ලංකිකයන් නොවේ. කොටි සංවිධානය පිළිබඳව අපි සොයා බලනවා. මේ පිළිබඳව තවදුරටත් කතා කර අපේ කණ්ඩායමක් යවනවා, මේ කරුණු පහැදිළි කරන්න.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ලංකාව තුළත්, ඉන් පිටත් ලබාදීමට අවධානය යොමු කර තිබෙනවා.හානියක් වෙන්න ඉඩ දෙන්නේ නෑ. මෙවැනි තර්ජන නැති කරගන්නයි ලෝකය සිතන්නේ.මේ ප්‍රශ්නය විසඳන්න මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. දෙමළ ජනතාවට කතා කරන්න, මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න, සැවොම ආරක්ෂා කරගන්න කටයුතු කරන්නේ. මේ තර්ජන නැති කරන්නයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කටයුතු කරන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරයේ දී අපිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතුවෙලා, විපක්ෂයේ ද්‍රවිධ සන්ධානයයි,ජනතා විමුක්ති පෙරමුණයි අනෙක් පක්ෂ එකතුවෙලා මේ ප්‍රශ්න විසඳන්න පියවර ගන්නවා.
මේ සම්බන්ධයෙන් මලේසියානු ආණ්ඩුවෙන් කරුණු ඉල්ලා තිබෙනවා.මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මැලේසියානු රජයට ප්‍රකාශ කරනවා. මැලේසියාව මිත්‍ර රටක්. මේ පිළිබඳව සොයා බලා සම්පූර්ණ වාර්තාවක් ලබාගෙන පාර්ලිමේන්තුව දැනුවත් කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා-
අපි විදේශ කටයුතු අමාත්‍යාංශය හැටියට සියලු පහසුකම් ලබාදෙනවා. අපේ අමාත්‍යාංශය බැදී සිටිනවා.අප දැඩි සේ කණගාටුව ප්‍රකාශ කළා.
ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා-
ආණ්ඩුවක් ලෙස මෙවැනි දෙයකට ඉඩ තියන්නේ නෑ. 70 වසරක සපුරණ අපි ඉදිරියට මෙවැනි දේ වෙන්නට ඉඩ දෙන්නේ නෑ.