නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාර්මික ආරවුල් පනත යටතේ නියෝගය විවාදයට

    සැප්තැම්බර් 06, 2016

    කාර්මික ආරවුල් පනත යටතේ නියෝගයක් අද (6) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් .ඩි.ජේ. සෙනෙවිරත්න මහතා විසින් අදාළ නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේ ය.

     

    මෙම නියෝගය යටතේ, බේරුම්කරුවන්ට හා කාර්මික අධිකරණ සාමජිකයන්ට පරික්ෂණ පැවැත්වීම වෙනුවෙන් ගෙවනු ලබන ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳ සංශෝධිත නියෝගයක් බව අමාත්‍යවරයා පැවසි ය.

    බේරුම්කරුවන් හා කාර්මික අධිකරණයේ සමාජිකයන් සඳහා වන ගෙවීම් 2008 වසරේ දී අවසන්වරට සංශෝධනය කිරීමෙන් අනතුරුව වසර අටක් ඉක්ම ගොස් ඇති බවත්  ඔවුන්ගේ කාර්යයන් කඩිනමින් ඉටුකරගැනීමට මෙම සාමාජිකයන්ට ගෙවීම් වැඩි කිරීම කාලීන අවශ්‍ය තාවක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya