මැලෙසියාවේ දී ශ්‍රී ලංකා තානාපතිවරයාට කළ පහරදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යොමු කළ ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රකාශයට අඳහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
මේ සිදුවීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ යුතුයි. මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියා ප්‍රකාශ කරනවා. මේ පිරිස ස්‍රී ලංකාවට සම්බන්ධ අය නොවන බව ප්‍රකාශ වුණා.
අපේ රට දැන් ස්ථාවරත්වයකට පැමිණෙමින් තිබෙනවා. සමඟිය කරා රට ගමන් කරමින් සිටිනවා. ඒ නිසා මෙවැනි සිදුවීම් පිළිගත නොහැකි යැයි ද විපක්ෂ නායකවරයා පැවසී ය.