“ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 65 වෙනි සංවත්සර උළෙල අද. අද මෙහි අතිවිශාල ජන ගංගාවක් පැමිණ තිබෙනවා. රටේ කිසියම්ම කෙනෙක් බලාපොරොත්තු නොවූ ආකාරයට ඇත්තම කියනව නම් මමත් හිතුවේ නැහැ මේ තරම් අතිවිශාල ජනකායක් අද එක් වෙයි කියලා. මේ ක්‍රීඩාංගණය තුළ සිටින ජනතාවට වඩා වැඩි ජනතාවක් එන්න බැරුව එළියේ හිරවෙලා කුරුණෑගල නගරයේ සිටින බව පොලීසිය වාර්තා කරනවා.
මිත‍්‍රවරුනි, දෙමාපියනි, දරුවනි මේ ශක්තිය කාගේද, මේ බලය කාගේද, මේ ජවය කාගේද, මේ ශක්තිය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ශක්තියයි. මේ බලය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ බලයයි. මේ ජවය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජවයයි. මෙයට අභියෝග කරන්න මේ රටේ කිසිදු දේශපාලන බලවේගයකට හෝ ප‍්‍රතිවාදී බලවේගයකට නොහැකියි කියන එක මම මුළු රටටම හඬ නගා කියනවා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට කීර්තිමත් ඉතිහාසයක් තිබෙනවා. ඒ කීර්තිමත් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කථාවක් තිබෙනවා. ඒ ශ්‍රේෂ්ඨ කථාවේ රසමුසු තැන් මෙන්ම දුක්මුසු තැන් සහ දුක්ගැහැට සහ අභියෝගාත්මක අවස්ථා රැසක් තිබෙනවා.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ඇයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හැදුවේ. සමහර අය කියනවා බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ඇවිල්ලා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හැදුවා කියලා. මම කියවලා තිබෙන පොත පතේ හැටියට නම් මම එතරම් එයට එකඟවන්නේ නැහැ.
එදා ඒ යුගයට අවශ්‍ය රටේ සටන් පාඨ ගණනාවක් තිබුණා. ඒ සටන් පාඨ අතට ගත් පිරිසක් හිටියා. සිංහල මහ සභාවත් එක්ක ඒ යුගයේ සටන් පාඨ අතට ගත්තේ කවුද, බි‍්‍රතාන්‍ය පාලනයට යටත්වෙලා හිටපු අපි, 1505 ඉදලා 1948 වෙනකන් විදේශිකයින්ගේ පාලනයට යටත් වෙලා හිටපු අපි, 1948 නිදහසින් පස්සේ මේ රටේ ජනතාව අදහස් කළා ස්වාධිපත්‍ය, ස්වදේශිකත්වය රටේ ස්වාධීනත්වය අපේම රටක්, අපේම සංස්කෘතියක් අපේ ශිෂ්ටාචාරය මත ගොඩනැගුණු රටක අපේම ආණ්ඩුවක අවශ්‍යතාවය. බි‍්‍රතාන්‍ය පාලනයට විරුද්ධව නිදහස් අරගලය අරගෙන ගිහින් එය ජයග‍්‍රහණය කෙරුවේ ඒ යුගයේ සිටි සිංහල, දෙමළ, මුස්ලිම් සියලු නායකයින් කියන එක අමතක කරන්න එපා.
1951 සැප්තැම්බර් 02 වෙනිදා බණ්ඩාරනායක මැතිතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බිහි කරන විට එදා මැතිවරණ කොමසාරිස්වරයාගේ තිබූ නීති රීති අනුව පක්ෂයට ප‍්‍රධාන ලේකම්වරයෙකුගේ අවශ්‍යතාවය තිබුණේ නැහැ. නීතිමය නම්‍යතාවය තිබුණා සම ලේකම්වරු පත් කරන්න. ඒ නිසා බණ්ඩාරනායක මැතිතුමා පක්ෂයේ සම ලේකම්වරු තුන් දෙනෙක් පත් කළා පළවෙනි නිලධාරි මණ්ඩලය ලෙස.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවක් හදන්න ඒ යුගය තුළ ගොඩනැගුණු සාධක ගණනාවක් තිබුණා. ගමේ පන්සලේ හාමුදුරුවෝ, කුඹුරේ ගොවි මහත්තයා, කර්මාන්ත ශාලාවේ කම්කරුවා. ගමේ වෙද මහත්තයා, ගමේ ඉස්කෝලේ මහත්තයා ඇතුළු අපේම සාහිත්‍යධරයින්, ලේඛකයින්, උගතුන්, බුද්ධිමතුන් මාර්ටින් වික‍්‍රමසිංහ වැනි විශාරදයින්, පී.බී. අල්විස් පෙරේරා වැනි මහා කවීන් ඒ සියලුදෙනා සමග දේශපාලන බලවේගවලට වැඩිය බණ්ඩාරනායක මහත්තයට 56 ආණ්ඩුවක් හදන්න එක්වුණේ සංස්කෘතික බලවේගයි, නිදහසින් පසු ලංකාවේ අැතිවූ අපේම ආණ්ඩුවක හඬත් සමගයි ඒ දේශපාලන වේදිකාව හැදුනේ.
බණ්ඩාරනායක මහත්තයා පක්ෂය හැදුවා. 51 පළමු මැතිවරණයේදී ආසන 09 යි. 56 ආණ්ඩුවක් හැදුවා මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව. ලංකාවේ දේශපාලන නායකයෙක් පක්ෂයක් හදලා අඩුම කාලයකින් ආණ්ඩුවක් හැදුවේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා 56. ඒ ආණ්ඩුවට මිනිස්සු කිව්වා අපේ ආණ්ඩුව කියලා. පාර්ලිමේන්තුව ඇතුළට ගිහිල්ලා මන්තී‍්‍රවරුන් ඉඳගන්න පුටුව අතගාලා කිව්වා මේ අපේ මැති ඇමතිවරු ඉඳගන්න පුටු කියලා. ඒ අවශ්‍ය සමාජ වෙනස්කම, සමාජ සංස්කෘතික හා ආර්ථික වෙනස්කම් රාශියක් කෙරුවා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ස්වදේශිකත්වය මුල් කරගත් අපේ සංස්කෘතිය, අපේ ශිෂ්ටාචාරය මුල් කරගත් අපේම දේශපාලන පක්ෂයක්. අපේම අපේ දේශපාලන පක්ෂය, 56 ආණ්ඩුව රටට අවශ්‍ය වෙනස්කම් රාශියක් කළා. මම හැමදාම කියනවා මේ රටේ බලයට පත්වූ නායකයින්ගෙන් බලයේ සිටින කාලය තුළදී බණ්ඩාරනායක මැතිතුමා තරම් මානසික වද වේදනාවන්ට ලක් වූ නායකයෙක් නැහැ. වැඩ වර්ජන, පක්ෂයේ අභ්‍යන්තර ආරවුල්, ආණ්ඩුවේ ආරවුල්, කැබිනට් මණ්ඩලයේ වර්ජන මේවත් එක්ක බණ්ඩාරනායක මැතිතුමා බරපතළ අර්බුද රාශියකට මුහුණ දුන්නා. ඒ අර්බුද කොතෙක් ආවත් පිට කොන්දක් ඇති දේපේ‍්‍රමී දේශපාලන නායකයෙක් ලෙස ජාතික සහ ජාත්‍යන්තර ප‍්‍රශ්නවලට මුහුණදීලා රටට කළ යුතු වෙනස්කම ඒ අවුරුදු තුන හමාරේ ආණ්ඩුව තුළ ඉටු කෙරුවා.
මේ රටේ දේශපාලනඥයින් ඉන්නවා බලයේ දීර්ඝ කාලයක් සිටි අය. බණ්ඩාරනායක මැතිතුමා කියලා කියන්නේ ඉතාම අඩුම කාලයක් බලයේ සිටි රාජ්‍ය නායකයා. නමුත් මේ රටේ පොදු මහජනතාවගේ, වැඩකරන පංතියේ, කම්කරුවාගේ, ගොවියාගේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ, ඉස්කෝලේ මහත්තයාගේ මේ රටේ පුංචි මිනිසුන්ගේ හදවතේ අදත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දඟලන්නේ, නළියන්නේ හඩ නඟන්නේ ඒ බණ්ඩාරනායක මැතිතුමා කරපු වෙනස්කම් නිසා කියන එක අමතක කරන්න එපා.
මේ පක්ෂය පවිත‍්‍ර පක්ෂයක්. නිර්මල පක්ෂයක්, මේ පක්ෂය රට කරවිය යුතු පක්ෂයක්. නිදහසින් පසුව ලංකාවේ වැඩිම කාලයක් රාජ්‍ය පාලනයේ යෙදී සිටින්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයයි කියන එක අමතක කරන්න බැහැ.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුල් කරගත් දේශපාලන න්‍යායක් මතයි පදනම් වුනේ. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ කුමක්ද, විශේෂයෙන්ම පොදු ජනතා සුබසාධනය, පොදු ජන මෙහෙවර, පුංචි මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීම, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම. නිදහස තහවුරු කිරීම, සැබෑ ලෙස පුංචි මිනිසාගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් ඒ අවශ්‍ය සමාජ, ආර්ථික හා දේශපාලන වෙනස්කම් කිරීම. එහෙමනම් මේ පක්ෂය අපි ශක්තිමත් කිරීම අවශ්‍යයි. අදට ගැළපෙන ආකාරයට සකස් කිරීම අවශ්‍යයි.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මේ පක්ෂයට අවශ්‍ය නායකත්වය දීලා ඒ යුගය තුළ කළ යුතු වෙනස්කම් කළා. පක්ෂයේ පළවෙනි නායකයා අමු අමුවේ වෙඩි තියලා මරලා දැම්මා. පක්ෂයේ දෙවෙනි නායිකාව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරලා දේශපාලනයෙන් ඉවත් කරන්න උත්සාහ කළා. එය අසාර්ථක වුණා. පක්ෂයේ තුන්වෙනි නායිකාව චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය යුද්ධයට මුහුණ දීලා ආබාධිත වුණා. පක්ෂයේ හතරවන නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා යුද ජයග‍්‍රහණය අපි සියලුදෙනා එකට එකතුවෙලා කරලා ඒ යුද ජයග‍්‍රහණය ලබා ගත්තා. පක්ෂයේ පස්වන නායකයා විදියට මට ආරාධනා කරලා පක්ෂය භාරගන්න කිව්වහම මම පක්ෂය භාරගත්තා.
මම පක්ෂය භාරගත්තේ මට කරපු ආරධනයත් එක්ක. මම ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා පොදු අපේක්ෂකයා විදියට අත්සන් කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ලේකම් විදියට. පොදු අපේක්ෂකයා විදියට මාත් එක්ක සම්මුති අත්සන් කරපු පක්ෂ සංවිධාන 49 එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව සිටියා. ඔවුන් මාත් එක්ක ගිවිසුමක් අත්සන් කළේ නැහැ ඔබ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් විය යුතුයි කියලා. ඔබ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නැවත නොයා යුතුයි කියලා ගිවිසුමක් අත්සන් කළේ නැහැ. ඒක මගේ මානව හිමිකමක් වගේම මූලික අයිතිවාසිකමක්, ඒ ගැන කිසිදු බාධාවක් ඇතිවුණේ නැහැ.
2015 ජනවාරි 09 වෙනිදා ජනාධිපතිවරයා විදියට දිවුරුම් දීලා දවස් තුනකට පස්සේ පක්ෂයේ සභාපතිකම භාරගන්න කියලා මට ආරාධනා කළහම මම පුදුම වුණා. නමුත් මම හරිම සතුටින්, ඉපිළි ගිය පී‍්‍රතියකින් සහ අභිමානයකින් එදා පක්ෂය භාර ගත්තේ නැවත මේ රටේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදීමට කියන එක පැහැදිලිව තමුන්නාන්සේලාට කියන්න ඕන.
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ දේශපාලන පක්ෂ ගණනාවක් මාව ජනාධිපති අපේක්ෂකයා කරලා ජනාධිපතිවරයා විදියට ජයග‍්‍රහණය කළ විට අපි පොදු එකඟතාවයක්, සම්මුතියක් ඇති කරගත්තා රටට පොදු ප‍්‍රකාශයක් දුන්නා රට වෙනුවෙන් ඉටු කරන්න. ඒ පොදු ප‍්‍රකාශයේ කිව්වා රට බරපතළ ප‍්‍රශ්න රාශියකට මුහුණ දීලා තිබෙනවා, මෙයින් රට ගොඩගන්න ඕන. ඒකට පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ එකට එකතුවෙලා ආණ්ඩුවක් හදන්න ඕන කියලා. ඒ මැතිවරණ ප‍්‍රකාශය අනුව තමයි මට ජයග‍්‍රහණය ලැබුනේ.
ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ 17 වෙනිදා මහ මැතිවරණයක් තිබ්බා. මේ රටේ ජනතාව ප‍්‍රධාන දේශපාලන පක්ෂ එකකටවත් ආණ්ඩුවක් හැදීමේ තනි අයිතියක් දුන්නේ නැහැ. ඒ අනුව මැතිවරණ ප‍්‍රකාශනයේ තිබුණත්, නැතත් ජනාධිපතිවරයා විදියට රට අවිචාරවත් නොවිය යුතුයි, රාජ්‍යයේ පැවැත්ම තිබිය යුතුයි, රටට සහ ජනතාවට මා වගකිව යුතුයි, ඒ නිසා සියලුදෙනා එකට එකතුවෙලා ආණ්ඩුවක් හැදුවා. අද අපි ආණ්ඩු කරනවා. නොයෙකුත් විවේචන තිබෙනවා.
එක්සත් ජාතින්ගේ මහ ලේකම්වරයා බෑන් කී මුන් මහතා මේ සතියේ ලංකාවට එන්න කළින් ආවේ 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වූ වහාම. බැන් කී මුන් මහත්තයා ඇවිල්ලා බලලා ගිහිල්ලා ඊට පස්සේ තමුන්නාන්සේලා දන්නවා වුන ප‍්‍රශ්න. අපි නිසා ලෝකය බෙදුනා. අපි නිසා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාව දෙකට බෙදුනා. එක්සත් ජාතින්ගේ සංවිධානය සහ මානව හිමිකම් කොමිසන් සභාව පවත්වපු ඡන්ද ගණනාවකින් අපේ රට පරාජයට පත් වුණා.
ඒ පරාජයට පත්වීමත් එක්කම ජාත්‍යන්තරයෙන් අපිට යෝජනා සහ චෝදනා මාලාවක් එල්ල කෙරුවා. ඔබලා යුද්ධය කෙරුවා. එහිදි මානව හිමිකම් කඩකෙරුවා කියලා. අපි රටක් සහ රාජ්‍යයක් විදියට පෙනී සිටිය යුතු වෙනවා. ඒ පෙනී සිටිම රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් සහ මේ රටේ යුද්ධය කරපු යුද, නාවික. ගුවන් ති‍්‍රවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිය යුත්තක් කියන එක අමතක කරන්න එපා.
අපි එම යෝජනාවලට අනිවාර්යයෙන්ම මුහුණදිය යුතු වුණා. එක පැත්තකින් රටට අවශ්‍ය නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම්, රටේ ජනතාවට බියක්, සැකක් නැතුව සතුටින් ඉන්න පුළුවන් රටක්, සමාජයක් හදන්න අවශ්‍ය වුණා. රටේ සිංහල, මුස්ලිම්, දමිළ සියලු ජන කොටස්වලට විශ්වාසයෙන්, මිත‍්‍රත්වයෙන්, සහෝදරත්වයෙන් ජීවත්වෙන්න පුළුවන් රටක් හදන්න අවශ්‍ය වුණා.
30 දශකයේ 40 දශකයේ 50 සහ 60 දශකයේ සිට කෑ ගහපු, වරින් වර කළකෝළහාල අැතිවූ සිංහල, දමිළ ජනතාවගේ හඬ අරගල බවට පත්වුණා. අවසානයේ මහා යුද ඛේදවාදකයක් ඇති වුණා. අපිට යුද්ධයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. තිස් අවුරුද්දකට අධික කාලයක් අපි යුද්ධ කෙරුවා. අවසානයේ අපිට ප‍්‍රශ්න මාලාවක් ආවා. මේ ප‍්‍රශ්න මාලාවෙන් රට බේරා ගැනීම අවශ්‍ය වුණා.
2014 ජනාධිපතිවරණයක් සඳහා සූදානම් වන විට මම මහින්ද රාජපක්ෂ මහත්තයට මගේ අතින් ලියලා මම දුන්නා ජනාධිපතිවරණයක් තියන්න එපා. ආණ්ඩුව වෙනස්වන මැතිවරණයකට යන්න එපා. මිත‍්‍රවරුනි මට පක්ෂය පරාජය කරන්න අවශ්‍ය නම්, මට ඒ ආණ්ඩුව පරාජය කිරීමේ අවශ්‍යතාවය තිබුණා නම් මම එසේ ලියුමක් ලිවිය යුතුද කියලා මම ඔබෙන් අහනවා.
මේ වේදිකාවේ ඉන්න මැති ඇමතිවරු, ජ්‍යෙෂ්ඨයින් සියලුදෙනා දැක්කා ඒක. මහින්ද රාජපක්ෂ මහත්තයට ලියුම ලියලා පක්ෂයේ ප‍්‍රධානීන්ට පිටපත ගානේ දුන්නා එක මේසේ වාඩිවෙලා. ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරනවා ඡන්දයකට යන්න බැහැ. ජයග‍්‍රහණය කරන්න පුළුවන් පසුබිමක් නැහැ කියලා. ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තුවේදී හමුවුණහම කියනවා ඡන්දයකට යන්න බැහැ, ජයග‍්‍රහණය කරන්න පසුබිමක් නැහැ. කියලා. නමුත් අපේ හඬ ඇහුවේ නැහැ. මැතිවරණයකට ගියා. එහෙමනම් ඒ පවත්වපු මැතිවරණයේදී ලබන ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාගේ අතට ගත්ත එක වැරදිද කියලා මම තමුන්නාන්සේලාගෙන් අහනවා.
අපි සම්මුතිවාදී ආණ්ඩුවක්. මේ රටේ ආණ්ඩු වෙනස් වුණහම ඇතිවන තත්ත්වයන්, පශ්චාත් තත්ත්වයන් තමුන්නාන්සේලා දන්නවා. නමුත් අද අපි සංහිඳියාව ගැන කථා කරනකොට සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ජාතීන් අතර සංහිඳියාව පමණක් නොව දේශපාලන පක්ෂ අතරත් සංහිඳියාවක් තිබිය යුතුයි. ලෝකයේ දියුණු රටවල්වල, සංවර්ධනය වූ රටවල්වල ඒ දේශපාලන සංස්කෘතියේ වැදගත් කොටස් අප ගත යුතුයි.
ඒ නිසා අපිට ස්වදේශීකත්වය පදනම් කරගෙන ඒ සියල්ල සමඟ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීම අවශ්‍යයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමේදී අපේ මූලික ප‍්‍රතිපත්ති, දර්ශනය අබ පියල්ලකින්වත් වෙනස් නොවිය යුතුයි.
සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කියන විශේෂයෙන්ම වෙළෙඳපොළ ආර්ථිකයේදී, වෙළෙඳපොළ තරගකාරිත්වය තුළ විසි වෙන්නේ පුංචි මිනිසා, දුප්පත් මිනිසා කියන එක අපට අමතක කරන්න පුළුවන් කමක් නැහැ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විදියට. වෙළෙඳපොළ ආර්ථිකයේදී ඇතිවන තරඟකාරිත්වයත් එක්ක කම්කරුවා, ගොවියා පීඩිත පන්තිය, දුප්පතා ඒ සියල්ලන් වෙනුවෙන් පෙනී සිටිය හැකි දේශපාලන බලවේගයක් තිබිය යුතුයි.
නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් තිබිය යුත්තේ ධනපති පන්තියට සහ වරප‍්‍රාසද ලත් පිරිසට පමණක් නොව, නැති බැරි, දුගී දුප්පත් සමස්ත ජනතාවට එක හා සමානව ඒ වරප‍්‍රසාද තිබිය යුතුයි. අපි ඒ ක‍්‍රමයට යා යුතු වෙනවා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නව ජවයකින්, නව වැඩපිළිවෙළකින් සහ සැලසුමකින් අලුත් ගමනක අවශ්‍යතාවය ඇතිවෙලා තිබෙනවා. මේ 65 වන සංවත්සර මහා සමුළුවේදී මේ පැමිණි අතිවිශාල මහ ජන ගංගාවට ආදරණීය දෙමාපියන්ට, දරුවන්ට මම කියනවා පක්ෂයේ සියලු නායකයින්ට මම කියනවා, අනාගතයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ පළමුවෙනි වෙඩි මුරය තමයි අද මේ 65 වන සංවත්සර උත්සවයේ දී තිබ්බේ කියන එක මම පැහැදිලිව තමුන්නාන්සේලාට කියනවා.
ලබන වසරේ මුල් භාගය වන විට පළාත් පාලන මැතිවරණ එනවා. දිවයිනේ සියලු පළාත් පාලන මැතිවරණවලට අපි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අත ලකුණෙන් තරඟ කරනවා. ඒ පළාත් පාලන මැතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා අපි එක්ක එකතුවෙලා ඉන්න ඒ වගේම එකතුවෙන අනෙක් සහෝදර පක්ෂ, වාම ප‍්‍රගතිශීලි පක්ෂ ඒ සියල්ලටම ආරාධනා කරනවා එම පළාත් පාලන මැතිවරණ ජයග‍්‍රහණය කරන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කොඩිය වටා ඒකරාශි වෙන්න කියලා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා විපක්ෂ මන්තී‍්‍රවරුන් විදියට ඉන්න ඕනේ කියලා කියපුවහම මම ඒ අයිතිය දුන්න පිරිසට මම කාරුණිකව සහ ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා අලුත් දේශපාලන බලවේග ගැන කථා නොකර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමඟ සිටගෙන, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කර අනාගතයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න එක්වන ලෙස.
මේ පක්ෂය පිරිසිදු වෙන්න ඕන. මේ පක්ෂය නිර්මල වෙන්න ඕන. වැඩ කරන මිනිස්සු හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න ඕන. පුංචි මිනිසාගේ දුක තේරුම්ගන්න ඕන. මහ පොළොවේ අඩිය ගහලා යන්න ඕන, මේ පක්ෂය නියෝජනය කරන්නේ පොඩි මිනිසුන්ට කියන එක හැම අවස්ථාවකම අපි තේරුම්ගන්න ඕන.
අපි කොච්චර පැරදීලා තිබෙනවද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය 60 මාර්තු මාසයේ පැරදුනා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය 65 මැතිවරණයේ දී පැරදුණා. 77 පැරදුණා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය 82 ජනාධිපතිවරණය පැරදුණා. 89 ජනාධිපතිවරණය පැරදුණා. 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදී පැරදුණා.
ජයග‍්‍රහණ පිළිබඳ කථා කරනවා වගේම පරාජය පිළිබඳවත් අපි කථා කරන්න ඕන. පක්ෂයක් කළ යුතු දේ කුමක්දැයි කියා තේරුම් ගැනීම අවශ්‍යයි වගේම, පක්ෂ නායකයින් කළ යුතු දේ කුමක්දැයි කියා තේරුම් ගැනීම අවශ්‍යයි වගේම පක්ෂයක් සහ පක්ෂ නායකයින් නොකළ යුතු දේ කුමක්දැයි තේරුම් ගැනීම අවශ්‍යයි කියා මම බොහොම පැහැදිලිව කියනවා.
එහෙමනම් පරාජයට හේතුවන නොකළ යුතු දේ අප විසින් නොකළ යුතුයි. ජයග‍්‍රහණයට හේතුවන කළ යුතු දේ පක්ෂයක් සහ නායකයින් විදියට අප සියලුදෙනා කළ යුතුයි. මේක පොඩි මිනිසාගේ පක්ෂය. මේ රටේ දේශීය චින්තනය, අපේකම දේශියත්වය මේ සියල්ල වෙනුවෙන් පෙනී සිටින්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි.
සමහර අය මට එළිපිට ගහනවා, සමහර අය මට රහසේ ගහනවා. සමහර අය විවෘතව ගහනවා. සමහර අය අභ්‍යන්තරව ගහනවා. මම ඒ හැම කෙනෙකුගෙන්ම අහනවා, ඇයි මට ගහන්නේ මම පුංචි මිනිහෙක් නිසාද, මේ රටේ ජනාධිපති ධූරයට පත් වූ හය දෙනාගෙන් මම තමයි මේ රටේ පැල්පතින් ආපු, කුඹුරෙන් ආපු ජනාධිපතිවරයා කියන එක මම පැහැදිලිව කියනවා.
මට ගහන්නේ මම ප‍්‍රභූ පන්තියේ නොවන නිසාද, මට ගහන්නේ මම ධනපති පන්තියේ නොවන නිසාද, මට ගහන්නේ මගේ තාත්තා දුප්පත් ගොවියෙක් නිසාද, මට ගහන්නේ මගේ තාත්තා දෙවන ලෝක යුද්ධයේ සටන් කළ රණවිරුවෙක් නිසාද, මට ගහන්නේ මගේ තාත්තාගේ අක්කර පහෙන් යැපිලා පාර්ලිමේන්තුවට ආපු එතැන් සිට ජනතාවගේ සියලු වගකීම් සමග ඉදිරියට ආ පුංචි මිනිසෙක් නිසාද කියලා මට ගහන අයගෙන් මම අහනවා.
මේ රටේ ප‍්‍රභූ පන්තිය පිළිබඳව බණ්ඩාරනායක මැතිතුමා එදා කිව්වේ 56 ආණ්ඩුව කියන්නේ බමුණු කුලය බිඳ වැටීම කියලා. සමාජයේ වරප‍්‍රසාද ලත් පන්තිය, ප‍්‍රභූ පන්තියට නොව ඒ සියල්ලේ අයිතිය මේ රටේ පුංචි මිනිසුන්ටයි කියලා.
අද මේ රටේ රාජ්‍ය සේවයේ, රාජ්‍ය තාන්ති‍්‍රකව රටින් පිට ඉන්න රාජ්‍ය නිලධාරින් සහ දේශපාලනඥයින් ඒ සියලුදෙනා බිහි වුණේ බණ්ඩාරනායක මැතිතුමාට පින් සිද්ධ වෙන්න 56 සමාජ විප්ලවයත් එක්ක විශ්ව විද්‍යාලවලට ගිහිල්ලා සිංහල උපාධිය ලබන්න ඉඩ දුන්නේ බණ්ඩාරනායක මැතිතුමා කියන එක අමතක කරන්න එපා. එතකන් උපාධිය ලිව්වේ ඉංගී‍්‍රසි භාෂාවෙන්.
බණ්ඩාරනායක මැතිතුමාට මේ රටේ ජනවාර්ගික ප‍්‍රශ්නය පිළිබඳ හොඳ ඥානාන්විත අවබෝධයක් තිබුණා. එතුමා බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම අත්සන් කළා. කරන්න දුන්නේ නැහැ. ඩඞ්ලි සේනානායක මැතිතුමා ඩඞ්ලි – චෙල්වනායගම් ගිවිසුම අත්සන් කළා කරන්න දුන්නේ නැහැ. අවසානයේ අපි යුද්ධයකට පැටලුනා. ඉන්දියා හමුදාව මේ රටට ආවා, 13 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව ආවා. පළාත් සභාව ආවා. නමුත් මුලින් කළ යුතු දේ අපි මුලින් කළා නම් ඒ මහා ඛේදවාචකයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ.
අදත් අපි කරන සංහිඳියා වැඩපිළිවෙළට සමහර අය නින්දා කරනවා, අපහාස කරනවා, ෆෙඩරල් සංහිඳියාව කියනවා, රට කඩන සංහිඳියාව කියනවා. බටහිරට පාවා දෙන, ජාත්‍යන්තර සංවිධානවලට යට කරන සංහිඳියාව කියනවා. බණ්ඩාරනායක මහත්තයා බණ්ඩාරනායක -චෙල්වනායගම් ගිවිසුම ගේනකොටත් ඔහොම තමා කිව්වේ. සෙවළ බණ්ඩා රට කඩන්න හදනවා කියලා කිව්වා. මේ ඉතිහාසය අධ්‍යයනය කරන්න, මේ ඉතිහාසය කියවන්න, ධර්මපාලතුමා එදා කිව්වේ සිංහලයින් නැගිටිව් කියලා, මම අද ජනාධිපතිවරයා විදියට වගේම මේ රටේ ජනතාවගේ සේවකයා විදියට මම මුළු රටම හඬ ගා කියනවා ලාංකිකයිනි නැගිටිව් කියලා.
සමහර අය අර්ථ විග‍්‍රහ කරන විදියට මේ රට කිසිදු විදේශ බලවේගයකට යටත් කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. කිසිදු විදේශීය අතපෙවීමකට ඉඩ දෙන්නේ නැහැ. කිසිදු විදේශ තර්ජනයක් අපිට නැහැ. එවැනි තර්ජනයක් ආවොත් එම තර්ජනවලට මම ඔළුව පාත් කරන්නෙත් නැහැ. මාතෘ භූමිය, රට සහ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා.
අපිට අවශ්‍ය හොඳ රටක්, සිංහල, දෙමළ. මුස්ලිම් සියලු ජන කොටස් එකට අත්වැල් බැඳගත්ත එකම රටක සහෝදරත්වයෙන් ජීවත්වන සමාජයක්. හැම කෙනෙකුටම සතුටින් ජීවත්විය හැකි රටක්. ඒ රට හදන්න අපි සියලුදෙනා එකට එකතු වෙන්න ඕන.
ඒ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විදියට පක්ෂයේ වසර 65 ගමන් මඟ අභියෝගාත්මකයි. විශිෂ්ටයි, ශ්‍රේෂ්ඨයි වගේම කටුකයි.
නැගිටිනවා, වැටෙනවා, වැටි වැටි නැගිටිනවා කොතෙක් වැටුණත් නැගිට, නැගිට ඉදිරියට යන පක්ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි කියලා අපි කියනවා.
ඒ නිසා මේ රට, ජනතාව ඒ සියල්ලත් එක්ක අද අපි යන මේ සම්මුතිවාදී ආණ්ඩුව තුළ රටේ තිබෙන මූලික ප‍්‍රශ්න විසඳා ගන්න අපි සියලුදෙනා එක්විය යුතුයි. කෝටි නව ලක්ෂයක ණය බරින් මිදෙන්න අපි එකතු වෙන්න ඕන. මේ කෝටි නව ලක්ෂයක ණය බර අත්හරින්න ද කියන්නේ. මේ ණය බරින් අපි නිදහස් වෙන්න ඕන. ඒක එක පක්ෂයකට භාරදීලා බැහැ. එක ජාතියකට භාරදීලා බැහැ.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාව හරහා ඇවිත් තිබෙන යෝජනා පිළිබඳ කතා කරන විට අපි බලයට පත්වීමත් සමග එහි තිබූ බරපතළ තත්ත්වය ඉතාම සරල වුවත් ඒ යෝජනා ජයග‍්‍රහණය කරන්න අපි සියලුදෙනා එකාවන්ව එකතු වෙන්න ඕන.
විවේචනය ප‍්‍රශ්න විසඳීම නොවේ. යථාර්ථය තේරුම්ගෙන මේ රට ගොඩනඟන්න, මේ රටේ ජනතාවට හොඳ අනාගතයක් හදන්න, අද ජීවත්වන ජනතාවට වගේම හෙට උපදින දරුවන්ට පින්බර, සුන්දර රටක් හදන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම වගේම සියලු ජන කොටස් සමඟ සංහිඳියාවෙන් සියලු දේශපාලන පක්ෂ සමග අද දවසේ වගකීම ඉටු කරමින් අපි ඉදිරියට යාමේ අවශ්‍යතාවය තිබෙනවා. අපි අදට අවශ්‍ය දේ අද කළ යුතු වෙනවා. රෝගියෙකුට අදට අවශ්‍ය බෙහෙත හෙට දීලා හරියන්නේ නැහැ අද දෙන්න ඕන.
මේ රටට තිබුනු පළවෙනි ප‍්‍රශ්නය ජාත්‍යන්තර දෝෂාරෝපණය, චෝදනා, අවලාද ඒ සියල්ලෙන් මේ රට නිදහස් කරගෙන හමාරයි කියන එක ඉතා පැහැදිලිව මම තමුන්නාන්සේලාට කියන්න ඕන.
කවුරුන් කෙසේ කෙහොම කිව්වත් අපි අලුත් ආණ්ඩුවක් විදියට මහා බරක් අඩු කරගෙන තිබෙනවා. ඒ නිසා මේ ප‍්‍රශ්න සහ ගැටලු තේරුම් අරගෙන, අපිට තිබෙන අභියෝග තේරුම් අරගෙන අපි ආණ්ඩුවක් විදියට වගකීම් ඉටු කරනවා වගේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විදියට අපේ වගකීම් සහ යුතුකම් ඉටු කරමු කියන ආරාධනාව මම සියලුදෙනාට කරනවා