එම සමිතියේ සාමාජිකයන්ගේ දුවා දරුවන් 700 දෙනෙකුගේ දක්ෂතා ඇගයීමට ලක් කරමින් මෙහිදී ශිෂ්‍යත්ව ප්රදානය කෙරුණු අතර එය සංකේතවත් කරමින් 2015 පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරු දැරියන් 20 දෙනෙකුට සහ 2014 වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ දරුවන් 20 දෙනෙකුට ජනාධිපතිතුමා අතින් ශිෂ්‍යත්ව ප්රදානය කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් කාසිම්, සමූපකාර කොමසාරිස් ඩී. ජීවානන්ද යන මහත්වරුන් ද සමිතියේ ක්‍රියාකාරී සාමාජිකයින් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.