නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිසිය පොදු ජන සේවය සඳහාම විය යුතුයි – ජනපති අවධාරණය කරයි

    සැප්තැම්බර් 04, 2016
    පොලිසිය යනු ආණ්ඩුව හෝ දේශපාලනඥයින් ආරක්ෂා කරන ආයතනයක් නොව පොදු මහ ජනතාව ආරක්ෂා කරන ආයතනයක් බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
     
    අපේ රටේ පසුගිය දශක කිහිපය පිළිබඳ අවධානය යොමු කිරීමේ දි ඇතැම් දේශපාලනඥයන් පොලිසිය තමන් වෙනුවෙන් භාවිතා කිරීමට මෙන්ම ඇතැම් පොලිස් නිලධාරින් දේශපාලනඥයින්ට සමීපවීමට කටයුතු කළ ආකාරය පිළිබඳ සාක්ෂි සහ සාධක රැසක් පවතින බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (03) පස්වරුවේ බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාංගණයේ පැවති 150 වන පොලිස් දින සැමරුම් උත්සවය අමතමිනි.
     
    රට තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමේ පුළුල් වගකීමක් පොලිසියට පැවරී තිබෙන බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එය වගකීමකටත් වඩා එහා ගිය මානුෂීය කාර්යයක් බව ද කියා සිටියේය.
     
    නව තාක්ෂණික ලෝකය සමග අපේ පොලිස් සේවාව ද වෙනස්කම්වලට භාජනය විය යුතු අතර අදට වඩා හෙට දවස වෙනුවෙන් පොලිස් සේවය සඳහා ලබාදිය යුතු නව තාක්ෂණික දැනුම, ශිල්පීය ඥානය, පුහුණුවීම් මෙන්ම ලබාදිය යුතු සියලු සම්පත් ලබාදීමට රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුවම කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.
     
    වසර 150 ක විශිෂ්ට පොලිස් ඉතිහාසය තුළ රට වෙනුවෙන් දිවි පිදු මෙන්ම කැපවී කටයුතු කළ ශී‍්‍ර ලංකා පොලීසියේ ඉහළ සිට පහළට සියලු නිලධාරින් වෙත මෙහිදි ජනාධිපතිතුමා සිය ගෞරවය සහ ස්තූතිය පුද කර සිටියේය.
     
    ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් ද මෙහිදී පිරිනැමුණු අතර ශී‍්‍ර ලංකා පොලිසියේ 150 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ පළඳනාවක් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙත පැළඳවීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    කථානායක කරූ ජයසූරිය, අමාත්‍ය සාගල රත්නායක, රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර, නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්වරුන් ද පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ශී‍්‍ර ලංකා පොලීසියේ සියලු ශ්‍රේණිවල නිලධාරින් මීට එක්ව සිටියහ.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya