කතානායකවරයා අද (12) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත විවාදයට ගැනුණු අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය පිළිබඳව අඳහස් දක්වමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අඳහස් දක්වමින් සඳහන් කළේ, ස්ථාවර නියෝග හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් සිදුව තිබෙන බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් කොට සළකාබලන ලෙස කතානායකවරයාගෙන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ ය.
සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-
ව්‍යවස්ථාවට පටහැනි නම් අධිකරණයට යන්න තිබුණා. එහෙත් අධිකරණයට ගියේ නෑ. ඊයේ හොඳ විවාදයක් කරන්න තිබුණා. පැය දෙකක් වැඩිපුර ලබාදුන්නා.
කතානායක කරූ ජයසූරිය මහතා- පාර්ලිමේන්තුව සභාව මැදට එන්න පුළුවන්ද? එයට වගකියන්නේ කවුද?
විපක්ෂයේ ප්‍රධාන සංවිධානයක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක-
අතුරුදහන් වූ අයගේ දෙමව්පියන්ට සාධාරණයක් අවශ්‍යයි, තමන්ගේ දරුවන්ට කුමක් දසිදු වුණේ කියා දැනගැනීමට. මෙතැනට බැහැලා, කෑ ගහලා, අපිට අඳහස් ඉදිරිපත්කරන්න දුන්නේ නෑ.අපේ ඒ අයිතිය උදුරා ගත්තා.
කතානායක කරූ ජයසූරිය මහතා- අයිතිය කාටත් තිබෙනවා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධානයක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක-
මෙය වැදගත් පනතක්. අපිට උරුමයක් තිබෙනවා මේ පිළිබඳව. අපේ පක්ෂයේ විශාල පිරිසක් අතුරුදහන් වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා-
ඊයේ සභාවේ උද්ගත වූ තත්ත්වය පිළිබඳව කවුරුත් කණගාටු වෙනවා. එවැනි තත්ත්වයක් සභාවේ ඇතිවිය යුතු නෑ.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා-
එදා ඡන්දය දුන්න අයත් මැරුව, ඉල්ලපු අයත් මැරුවා. ඉතාම හොඳ පනතක් ඉදිරිපත් කළා නම් හදිසියක් ඇයි?
කතානායක කරූ ජයසූරිය මහතා - ඊයේ මේවා ගැන කතා කරන්න තිබුණේ. අවස්ථාවත් දුන්නා නේද?
සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-
වාසුදේව මැතිතුමා තමයි අපිටත් ජිනීවා කියා දුන්නේ. අතුරුදහන් වූ අයගේ ලැයිස්තුව අරන් ගියා. ඒ ගැන කතා කරන්න තිබුණා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා-
කතානායකතුමා සමබරව කටයුතු කළා. පක්ෂ හා විපක්ෂ රැස්වීම් වල සාකච්ඡා කළා.මෙතැන වලට බැහැලා, මෙය බකල් කළා. අද විවාදය ගන්න දුන්නෙත් නෑ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා-
පනත් කෙටුම්පතට අඳහස් දැක්වීමට අපට අවස්ථාවක් තිබුණා. මම ආසනයේ සිටියා. අවස්ථාව පැහැරගැනීම ගැන කණගාටුවෙනවා.
කතානායක කරූ ජයසූරිය මහතා-
මෙය මැයි මාසයේ ආවේ. ඕන තරම් කල්තිබුණා අවශ්‍ය පියවර ගන්නට. අවස්ථා තුනකදී පක්ෂ නායක රැස්වීම් තිබුණා. ජාතික කටයුත්තක් ලෙස සළකා ආණ්ඩුවේ කිව්වා, මෙය මේ සතියේ අවසන් කළ යුතුයි කියලා. ඒ අනුව විපක්ෂයට තවත් පැය දෙකක් දෙන්න සූදානම් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාටත් සාකච්ඡාවට අවස්ථාව දුන්නා. ආණ්ඩු පක්ෂයේ මෙන් ම විපක්ෂයේ අයිතිය ආරක්ෂා කිරීමටත් මා කටයුතු කරනවා. හැකි උපරිමයෙන් කන් දෙන්නට උත්සහ කරනවා.සියයට පනහකට වඩා අඳහස් දැක්වීමේ අවස්ථාවක් ඒකාබද්ධ විපක්ෂයට වෙන් කර තිබුණා.මෙවැනි සිදුවීම් උත්තරීතර සභාවේ සිදුවීම ගැන ලැජ්ජා විය යුතුයි.දේශපාලන විප්ලව කරන්න අවශ්‍ය නම් ලිප්ටන් වටරවුමේ, කොටුවේ කරන්න පුළුවන්.