සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශ කළේ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත විවාදයට ගැනුණු අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ ඊයේ(11) ඇති වූ තත්ත්වය පිළිබඳව අඳහස් දක්වමිනි.
මේ පනත ව්‍යවස්ථාවට පටහැනි නම් අධිකරණයට යන්න තිබුණා. එහෙත් ගිහින් තිබුණේ නෑ. ඊයේ දවස ඉවරයි. අද අලුත් දවසක්. ඊයේ හොඳ විවාදයක් සිදු කරන්නට තිබුණා. මෙතැන අපරාධ වගකීමක් යොමුවන්නේ නෑ. මේ විවාදයට මම පැය 2ක් වැඩියෙන් දෙන්න එකඟ වුණා. අතුරුදහන් වූවන්ට වන්දි ගෙවීම අනිවාර්යෙන් ම කළ යුත්තක්. උතුර නැඟෙනහිර අතුරුදහන් වූවන්ට යම්කිසි වන්දියක් ලබාදිය යුතුයි. ඒ විවාදය විනාශ කළා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.