නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතිවාදී, අන්තවාදී පිරිසක් රට විනාශ කරමින් අහිංසක අම්මාවරුන්ගේ කඳුළු මත පිහිනන්නට උත්සාහ කරනවා

    අගෝස්තු 11, 2016

    ජාතිවාදය හා අන්තවාදය හේතුවෙන් රට පරිහානියට පත් වූ බවත්  එවැනි පිරිසක් අදටත් අපේ රට විනාශ කරමින් සුළු ජන කොටස්වල රුධිරය සහ අහිංසක අම්මාවරුන්ගේ කඳුළු මත පිහිනන්නට උත්සාහ කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.


    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ( පිහිටුවීම, පරිපාලනය කිරීම සහ  කර්තව්‍ය ඉටු කිරීම ) පනත් කෙටුම්පත විවාදය ආරම්භ කරමින් අද (11) පාර්ලිමේන්තුවේ දී  විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව  ප්‍රකාශ කළේ ය.


    1948 වසරේ දී නිදහස ලබාගන්නා විට අපේ රට ආසියාවේ දියුණුම රටක් වශයෙන් තිබුණා. අපි නිදහස දිනාගත්ත දවසේ එංගලන්ත පුවත්පත් වාර්තා කළේ ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට ශ්‍රී ලංකාව කියලයි. ඒ සම්බන්ධයෙන් අපිට විශාල බලාපොරොත්තුවක් තිබුණා. නමුත් නිදහස දිනාගත්ත දිනයේ සිට මේ රටේ අන්තවාදීන්ගේ බාධා හේතුවෙන් අපිට බෙදී වෙන්වන්න සිදුවුණා. ජාතිවාදය හා අන්තවාදය හේතුවෙන් අපේ රට පරිහානියට ලක්වුණා. එවැනි පිරිසක් අදටත් අපේ රට විනාශ කරමින් සුළු ජන කොටස්වල රුධිරය සහ අහිංසක අම්මාවරුන්ගේ කඳුළු මත පිහිනන්නට උත්සාහ කරනවා. වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අන්තවාදී සහ ජාතිවාදීන්ගේ පටු අරමුණු වෙනුවෙන් ඉඩ තබන්නේ නැහැ.

     

    මේ නව පනත සිංහල, දෙමල හා මුස්ලිම් සියලු ජන කොටස්වලට ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට යාමේ පළමුවැනි පියවර ලෙස හඳුන්වන්න පුළුවන්. සිංහල මෙන්ම දෙමල අන්තවාදීන්ගේ සහ අවස්ථාවාදී දේශපාලඥයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් අද වනවිට අපේ රට ආසියාවේ දුප්පත්ම රාජ්‍ය බවට පත්වන්නට සිදුව තිබෙනවා. අපිට බලපාපොරොත්තු ඉලක්කයට යන්න නොහැකි වුණා. නමුත් යළිත් වරක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව අපි මේ පනත ඉදිරිපත් කරමින් ඉතිහාසය පුරා සිදුකළ වැරැදි නිවැරැදි කළයුතු වෙනවා. 

    රණවිරුවන් ආරක්ෂා කරමින් ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ගේ කීර්තිනාමය ගොඩනැඟීම මේ මඟින් සිදුවන බව කියන්න කැමැතියි. හමුදා රණවිරුවන් පාවා දෙන බවට ප්‍රකාශ කළද ඔවුන්ව ආරක්ෂා කරගෙන ඉදිරියට ගමන් කරනවා. ඇතැමුන් මේ රට කොල්ල කන විට හමුදාවේ රණවිරුවන් ලවා තමන්ගේ සේවාවන් ලබා ගත්තා. හමුදාවන්ට ජාත්‍යන්තරයට යාහැකි ලෙස සාම සාධක හමුදාවන්ට යා හැකි තත්ත්වයට අපි නිර්මාණය කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya