අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (11) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
ආයුර්වේද උපාධිය සම්පූර්ණ කළ දහසකට අධික පිරිසක් රැකියා විරහිතව සිටින බවත් 2016 -6- 30 වනවිට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි පත්වීම් ලබා නොමැති සංඛ්‍යාව 649ක්. ඔවුන් වෙනුවෙන් රැකියා ලබාදීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙයි.
රාජ්‍ය සේවයේ දැනට පවතින ආයුර්වේද පරප්පාඩු සංඛ්‍යාව 107කි.ආයුර්වේද විරැකියා ගැටළුව විසඳීමට කටයුතු කරනවා. පුරප්පාඩු 107 සඳහා නව ආයුර්වේද වෛද්‍යවරු බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ අගෝස්තු මස පැවැත්වීමට නියමිතයි.
නව තනතුරු 939ක් අනුමත කරගැනීමෙන් අනතුරුව,එම තනතුරු සඳහා ද ආයුර්වේද වෛද්‍යවරු බඳවා ගැනීමට නියමිත බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසී ය.