නියෝජ්‍ය අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිළිබඳ පනත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය,පනත් කෙටුම්පත කිසිම රහසිගත ලේඛනයක් නොවෙයි, අනවශ්‍ය ලෙස කඩිනමින් කළ ලේඛනයක් නොවෙයි, සෑම පටිපාටියක්ම සියයට සියයක් නිවැරැදිව අනුගමනය කළ ලේඛනයක්. මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරන ආංශික අධීක්ෂණ කාරකසභවේ සලකා බැලුවා. ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් සංශෝධන ඉදිරිපත් කළා. සෑම සංශෝධනයක්ම පනතේ අරමුණ ඉටුකරගැනීමට ප්‍රගතිශීලීව රජය පිළිගත්තා.
මොකක්ද මේ කණ්ඩායමට තිබුණු ප්‍රශ්නය. ඒ අයට තිබුණු ප්‍රශ්නය, ප්‍රශ්නයක් නොමැති වීමයි.පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කරලා, දින එක හමාරක කාලය ප්‍රමාණවත් නෑ කිව්වා. අරජ උගුලට හසු වුණේ නෑ.
හැම පනතකටම ශ්‍රේෂ්ඨාධිකරණයට යන මේ අය මේ පනතට ගියේ නෑ. ඇයි ගියේ නැත්තේ? මේ පනත් කෙටුම්පත අපේ රටේ උත්තරීතර නීතියට, ජනතාවගේ අයිතිවාසිකම්වලට කිසිම පටහැනිකමක් නැති උතුරේ දකුණේ,ජනතාවගේ මෙන් ම අතීතයේ පමණක් නොව අනාගතයේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් කඩවීම වළක්වන යහපාලන මූලධර්ම සහිත පනත් කෙටුම්පතක්.
මේ පනත් කෙටුම්පතට සියලු පක්ෂවල සංශෝධන යොදා ගත්තා. අපි ජාත්‍යන්තරයේ කොන් වූ ජාතිය යළි නගාසිටුවන්නටයි කටයුතු කරන්නේ යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.