අග්‍රමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ දී පිළිතුරු ලබාදෙමින් අද (10) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
පාර්ලිමේන්තු නලින් බණ්ඩාර මහතා විසින් ප්‍රශ්නය යොමු කළේ ය. පසුගිය රජය සමයේ රාජ්‍ය ගිණුම්වලට ඇතුළත් නොකර ණය ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ, කතා බහක් ඇතිවිය. ඒ අනුව හඳුනා නොගත් ණය ප්‍රමාණය කොපමණ හඳුනාගෙන තිබේ දැයි මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය.
මන්ත්‍රීවරයා විමසූ පැනයට අග්‍රාමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබාදුන්නේ ය.
ජනවාරි 08 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වන අවස්ථාවේ රටේ ආර්ථිකය තව දුරටත් ඉදිරියට ගෙන යන්නට නොහැකි මට්ටමට ඇද වැටී තිබුණා. ණය ගෙවන්න තවත් ණය ගැනීමත් පොලී ගෙවන්න තවත් ණය ගැනීමත් සිදු කළ විෂම චක්‍රයකුයි ක්‍රියාත්මක වුණේ. ආණ්ඩුව ඉතා බරපතල විදියට ණය වී තිබුණා. මේ ණය කන්දරාවේ ප්‍රමාණය හොයා ගැනීමත් ඉතා අසීරු කටයුත්තක් වුණා. ඒ තරම්ම අවිධිමත් විදියටයි ණය ගෙන තිබුණේ.
2016 වසරේ අයවැය ලේඛනය සකස් කරද්දීත් රටේ ණය පිළිබඳ සම්පූර්ණ තොරතුරු වාර්තා වී තිබුණේ නෑ. අයවැයෙන් පසුවත් අපට නොගෙවූ ණය පිළිබඳ තව තොරතුරු වාර්තා වුණා. මෙතනදී අපට පෙනී ගිය තවත් කරුණක් වූයේ ආණ්ඩුව විවිධ ආයතන හරහා ගත් ණය ප්‍රමාණයන් ආණ්ඩුවේ ආදායම් හැටියට දක්වා ඇති බවයි. මේ නිසා අයවැය පරතරය පිළිබඳව හෝ ලබා ගත් ණය පිලිබඳව හෝ සැබෑසංඛ්‍යා ලේඛන හෙළිදරව් වී තිබුණේ නෑ.
අපි පසුගිය දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව සමගත් මේ පිළිබඳ සාකච්ඡා කළා. අපේ අදහස්, වැඩසටහන් ගැන. ආණ්ඩුවේ ණය පිළිබඳව සහතිකයක් අපට සකස් කර ගන්නට හැකි වුණේ දෙසැම්බර් මාසයේදීයි. අපි තීරණය කළා මේ දේ හෙළිකරන්න. හංගන්නේ නැතුව මේ සියල්ල අපේ ණයට එකතු කරන්න. රාජ්‍ය ණය පිළිබඳව ඉදිරියේදී තව තවත් තොරතුරු හෙළිවිය හැකි නිසා දැනට සහතික කර ඇති ණය ප්‍රමාණය ද සියයට දහයකින් පමණ ඉහළ යා හැකි බවකුත් අපට පෙනුණා. අපි කියන සංඛ්‍යාව මෙතැනින් අවසන් වන්නේ නැහැ. තව මොනවද එළියට එන්නේ කියා අපි දන්නේ නැහැ. රාජ්‍ය ගනුදෙනු සම්බන්ධව අප පූර්ණ විගණනයක් කරන්නට තීරණය කළේ
ඒ හේතුව නිසයි.
පසුගිය අයවැය අවස්ථාවේදී ගෙවීමට ඇති රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8475 ක් ලෙස නිල වශයෙන් වාර්තා වී තිබුණා. ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 74.9 ක්. 2016 වසරේ දී ණය සඳහා ආපසු ගෙවීම් ප්‍රමාණය රුපියල් බිලියන 1209 ක්. මේ මුදලින් රුපියල් බිලියන 647 ක් ණය ආපසු ගෙවීම්. ණය මත ගෙවන පොලිය රුපියල් බිලියන 562 ක්.
රාජ්‍ය ව්‍යවසායන් විසින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ජාතික ණය පද්ධතියට ඇතුළත් කර තිබුණේ නෑ. දැනට ලැබී ඇති තොරතුරු අනුව රාජ්‍ය ගිණුම්වලට ඇතුළත් නොවූ රාජ්‍ය ආයතන හා අර්ධ රාජ්‍ය ආයතන විසින් ගෙවීමට ඇති හිඟ මුදල් වල එකතුව රුපියල් බිලියන 1358 ක්. ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 424 ක්ග වරාය අධිකාරිය බිලියන 240 ක්. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් බිලියන 308 ක්ග ලංකා විදුලිබල මණ්ඩලය බිලියන 237 ක්, ආදී වශයෙන් දිගු ලැයිස්තුවක් තිබෙනවා.
පසුගිය රජය සංවර්ධනය කළා යැයි කියමින් කළ කිසිම දෙයකින් ආර්ථිකය ඉහළට ඔසවා තබන්නට කිසිම උත්තේජනයක් ලැබුණේ නෑ.හම්බන්තොට ඊට හොඳම උදාහරණයක්. ගුවන්තොටුපලක් හැදුවා, ගුවන් යානා නෑ. වරායක් හැදුවා, නැව් නෑ. අපි ආපහු චීනය සමඟ ඒ සම්බන්ධව සාකච්ඡා කරමින් සිටිනවා. මේ ගුවන් තොටුපොලෙන් සහ වරායෙන් වැඩක් ගන්නට පුළුවන් අන්දමේ සැලැස්මක් ඔවුනට තිබුණේ නෑ. අඩු තරමින් වරාය හා ගුවන් තොටුපල ආශ්‍රිතව කර්මාන්ත කලාපයක් ඉදි කරන්න ඉඩම් වෙන් කිරීමක්වත් සිදු කර තිබුණේ නෑ. අපි තමයි ගිහින් පළවෙනි වතාවට ඉඩම් වෙන් කළේ.
ඔවුන් කළේ අපේ රට ණය උගුලක සිර කිරීම පමණයි. එම හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට අපේ රට රුපියල් ට්‍රිලියන 9.5 ක ණය උගුලක හිරවෙලයි ඉන්නේ. ඒ කියන්නේ බිලියන 9500 යි. සමහර විට රුපියල් බිලියන 10.000 ක් වෙන්නත් පුලූවන්. 2016.02.10 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුව මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා 2016-03- 01 දින සිට බලපැවැත්වෙන පරිදි හිටපු ලේකම්වරයකුගේ සභාපතිත්වයෙන් යුතුව ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරලා තියෙනවා. එම කමිටුව මගින් දැනටමත් මේ පිළිබඳව විමර්ශන සිදුකරමින් පවතිනවා. සම්පූර්ණ ණය ප්‍රමාණය පිළිබඳව නිශ්චිතව සඳහන් කල හැක්කේ එම වාර්තාව ලැබුණු පසුවයි.
දැන් අප ඉදිරියේ ඇති එක් අභියෝගයක් වෙන්නේ මේ ණය උගුලෙන් ගැලවීමයි. ඒ අභියෝගය ජය ගැනීමේ පදනම ජාතික ආණ්ඩුව නිසා ඇති වී තිබෙන බව මම මෙහිදී අවධාරණය කරන්නට කැමැතියි.
සම්මුතිවාදී ජාතික ආණ්ඩුව මගින් මේ අභියෝගය ජයගත හැකි බව බහුතර මතයයි. ලෝක ප්‍රජාවගේ මතයත් එයයි. අප මුහුණ දෙන අනෙක් අභියෝගය වත්මන් ගෝලීය ආර්ථික අර්බුදයයි.
ඒ අපේ දෙවන අභියෝගයයි. ඒ නිසා අප එක් අතකින්, ගෝලීය ආර්ථික අර්බුදයෙන් අපේ රටට සිදුවන බලපෑම අවම කරගත යුතුයි. අනෙක් අතින් ණය උගුලේ බලපෑමෙන මිදිය යුතුයි. රාජ්‍ය ණය පද්ධතියෙන් සඟවා තිබූ ණය මුදල්ල රාජ්‍ය ණය පද්ධතියට එකතු වීම නිසා ඇති වුණු අර්බුදය ණය ගෙවීම් ප්‍රතිව්‍යූහගත කිරීම් වලින් හෝ සමනය කර ගැනීමේ අවස්ථාව ද ගෝලීය ආර්ථික අවපාතය නිසා අහිමි වී ගොස් තිබෙනවා. මේවා අපේ ආර්ථිකයට එකතු කළාම අපි ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා.
කලින් ආණ්ඩුව කළා වගේ තව තව ණය ගැනීමෙන් මේ ප්‍රශ්නය විසදාගන්න බෑ. අප ඉන්නා මේ අනතුරුදායක තත්වයෙන් ගොඩ එන්න නම්, රටේ ආදායම් වැඩි කර ගත යුතුයි. අප සිදුකරන්නේ එයයිග ඒ සඳහා වැඩි වශයෙන් ආයෝජන මෙරටට ලබා ගත යුතුයි. රැකිය අවස්ථා වැඩි කර ගත යුතුයිග අපේ නිෂ්පාදන සඳහා වඩාත් පුළුල් විදේශීය වෙළඳ පොලක් නිර්මාණය කර ගත යුතුයි. බදු ආදායම් විධිමත් කර ගත යුතුයි.
නවීන ලෝකයට ගැලපෙන පරිදිල වර්තමාන අවශ්‍යතාවන්ට සරිලන පරිදි බදු එකතු කිරීමේ නව ක්‍රමවේදයක් සැකසීම ගැනත් අපගේ අවධානය යොමු වී තියෙනවා. මෙයට සමගාමීව නව බදු ක්‍රමයක් සහ වැඩි දියුණු කළ ආදායම් රැස්කර ගැනීමේ ක්‍රමවේදයක් 2017 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි. මේ ගැන අප දැනටමත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කර තියෙනවා.
ඒ නිසා දැන්වත් පටු දේශපාලන කෝණ වලින් නොබලා මේ ගමන යන්නට එකට එක් වෙමු. පුළුල්ව සිතමුග ආර්ථික අභියෝග ජයගන්නට එකට එක්වෙමු. අප එකාවන්ව මේ අභියෝග ජය ගැනීමට අවංක චේතනාවෙන් එක් වුවහොත් අපේ රට ඉහළට ඔසවා තබන්නට හැකි වෙනවා.
නිසි ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම තුළින් මෙරට දළ දේශීය නිෂ්පාදිතය 2024 වසර වන විට දෙගුණයක් කර ගැනීමටත් 2035 වසර වන විට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරීමටත් අපට අවකාශ සැලසෙනවා. අපේ රට ඉන්දීය සාගරයේ ආර්ථික හා මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත් කිරීමට අපට හැකි වෙතැයි මා බලාපොරොත්තු වෙනවා.