අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
වාචික පැනයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා; මේ වනවිට වසර ගණනාවකින් පසු විදුහල්පති විභාගයක් පවත්වා,3859ක් බඳවා ගෙන විධිමත් පුහුණුවක් ලබා දී මේ දිනවල අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා, විදුහල්පතිවරු ස්ථානගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා.
පාසල් 10,161න්, පාසල් 4400ක පමණ විදුහල්පතිවරු හිඟයක් පවතිනවා. ස්ථීර විදුහල්පතිවරු නෑ. කිසිම දේශපාලන භේදයකින් තොරව,විදුහල්පතිවරු 3859 ක් බඳවාගෙන සිටින්නේ. වැඩබලන විදුහල්පතිවරුන්ගේ කාර්යසාධනයත් සළකා බලා, විධිමත්ව බඳවා ගත් පිරිසත් අරගෙන මේ කටයුත්ත සිදු කරනවා. ඉතාම කෙටි කාලයක් තුළ මේක්‍රමවේදය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නට බලපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසී ය.