පනත් කෙටුම්පත කාරකසභා අවස්ථාවේ දී සළකා බලා සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ ය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පනත් කෙටුම්පත විවාදය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
විවාදයේ දී අඳහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා, රටේ ජාතික ආර්ථිකයක් හදන්න අපි සමඟ එකතු වන්න. අපට අවශ්‍ය වුණා සීග්‍ර සංවර්ධනයකට ගමන් කිරීමට. ජාතික අර්ථික ප්‍රතිපත්තියක් සඳහා සියලු දෙනාගේ සහාය අවශ්‍යයයි. ණය බව අඩු කර ආදායම ඉහළ නැංවීමට විධිමත් වැඩපිළිවෙළක් රජය දියත් කර තිබෙනවා. වත්මන් රජය රට පුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසී ය.