සභාපතිවරයා වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ, 2016 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලසීමාව තුළ සිදු කළ විමර්ශන, වාර්තාවට ඇතුළත් කර තිබෙන බවය.සංක්ෂිප්ත අතුරු වාර්තාව ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වීම පිළිබඳව සහාය දුන් සියලු පාර්ශව වෙත මන්ත්‍රීවරයා සිය ස්තූතිය පළ කළේ ය.
අපි බලාපොරොත්තු වුණා ආයතන මට්ටමින් වෙන වෙනම වාර්තා ඉදිරිපත් කරන්න. එහෙත් අපි ආයතන 19ක සංක්ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කරන්නේ. කෙටි කාලයක් තුළ අතුරු වාර්තාවක් හැටියට මේ වාර්තාව ඉදිරිපත් කරනවා.අපට අත්දැකීම් තිබෙන්නේ අවරුද්දක පමණ කාලයක් ගියාට පස්සේ මේ කාරක සභාවෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැනයි.
පාර්ලිමේන්තුව අවස්ථාවක් ලැබෙනවා මේ ආයතනවල වර්තමාන තත්ත්වයට ආදේශ කරලා පාර්ලිමේන්තුවේ විවාද කරලා අපි ඉදිරිපත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා යම් බලයක්, ශක්තියක් ලබාදීමට. ඒ පිළිබඳව අවධානය යොමුකර මේ සංක්ෂිප්ත අතුරු වාර්තාව ඉදිරිපත් කරන්නේ. මීට අමතරව අපි තවත් ආයතන 15ක් පමණ මේ වන විට කැඳවලා තිබෙනවා. එ් වාර්තාවත් අපි කඩිනමින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී කාරක සභාව මුහුණ දෙන පොදු ගැටලූ අතර එක ගැටලූවක් තමයි කාරක සභාවේ කටයුතු
කාර්යක්ෂමව කරගෙන යන්න ස්ථාවර නියෝගවලින් තිබෙන බාධාවන් ඉවත් කර ගත යුතු වීම. එ් නිසා අපට ස්ථාවර නියෝග කාරක සභාව හරහා ඉදිරිපත් කරන්න යෝජනා ගණනාවක් තිබෙනවා. එ් වගේම තාක්ෂණික වශයෙන් විශේෂඥ සහාය අවශ්‍ය වෙලා තිබෙනවා.
එ් වගේම විමර්ශන කටයුතු සහ කාරක සභාවේ යම් යම් නිර්දේශයන් මීට වඩා මහජනතාවට ලැබිය යුතු යැයි අපි විශ්වාස කරනවා. මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුවට තිබෙන නිසා එ් පිළිබඳ අවධානය යොමුකරන්න කියලා කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. එ් ස්ථාවර නියෝගවලින් තිබෙන බාධා ඉවත් කරලා මහජනතාවට කමිටුවේ කටයුතු විවෘත කරන්න යම් ක්‍රමවේදයක් කඩිනමින් සකස්කර ගැනීමේ අවශ්‍යතාවය මතුවී තිබෙනවා. මේ වන විටත් අප පොදු ව්‍යාපාර කාරක සභාවේ උන්නතිය වෙනුවෙන් පියවර කිහිපයක් ම ගෙන තිබෙනවා යැයි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසී ය.
සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
අපි විපක්ෂයේ ඉන්න කාලෙත් නිතර කියූ දෙයක් තමයි මාධ්‍යවේදීන්ටත් තෝරාගත් නියෝජිතයන්ටත් කෝප් කමිටුවට ඇවිත් එ් රැස්වීම් නරඹන්න අවස්ථාව ලබාදිය යුතුයි කියන එක. අපි ඒකට විරුද්ධ නැහැ.ලෝකයේ හැම රටකම මාධ්‍ය මේ වගේ කමිටු ආවරණය කරනවා.
කථානායක කරු ජයසූරිය මහතා:-
කෝප් කමිටු සභාපතිතුමා වැදගත් කරුණු ගණනාවක්ම ඉදිරිපත් කළා. විශේෂයෙන්ම ස්ථාවර නියෝග සම්බන්ධයෙන් අපි අධීක්ෂණයක් කරගෙන යනවා. ඔබතුමාත් සභානායකතුමාත් මතු කළ කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරලා නැවත පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර අපි ඉතා ඉක්මනින්ම එ් ගැන තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා.