විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය දා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් ඇති වූ ගැටළුව පිළිබඳව ස්ථාවර නියෝග 23(2) යටතේ යොමු කළ ප්‍රශ්නය සම්බන්ධයෙන් අඳහස් පළකරමින් විපක්ෂනයකවරයා මේ බව අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
විශ්වවිද්‍යාලයේ සිද්ධිය වූයේ වැරදි අවබෝධයක් නිසයි. අලුත් සිසුන් පිළිගැනීමේ උත්සවයකදී සිද්ධිය ඇති වුණේ. මේ පිටුපස දේශපාලනයක් තිබෙනවා දැයි සොයා බැලීම වැදගත්,එය නතර කිරීම අවශ්‍යයි.
මෙවැනි වැරදි වැටහීම් වැළැක්වීමට අපි උත්සහ ගත යුතුයි. අවාසනාවන්ත සිද්ධි ඉතා ඉක්මනින් නතර කිරීමට අප කටයුතු කළා. සිසුන් හා පරිපාලනය ඉතාම හොඳ සහයෝගයක් ලබාදුන්නා. මේ සිද්ධිය තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු නොකර සිදුවීම අවබෝධ කරගෙන කටයුතු කළා. දැන් විශ්වවිද්‍යාලයේ ඇතැම් අංශ ආරම්භ වී තිබෙනවා. පරීක්ෂණ කටයුතු සිදු වෙනවා යැයි ද විපක්ෂනායකවරයා පැවසී ය.