නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය විශ්වවිද්‍යාල සිදුවීම - කමිටු නිර්දේශ අනුව ඉදිරි පියවර ගන්නවා

    ජූලි 21, 2016

    යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ සිසු ගැටුම සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ නිර්දේශ අනුව ඉදිරි පියවර ගනු ලබන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය දා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් ඇති වූ
    ගැටළුව පිළිබඳව ස්ථාවර නියෝග 23(2) යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.


    සිදුවීම සම්බන්ධයෙන් කෝපායි පොලීසිය සහ විශ්වවිද්‍යාලය මඟින් පරීක්ෂණය සිදු කරනවා. සිද්ධියට සම්බන්ධ සිසුන් හඳුනාගෙන සිටිනවා. විශ්වවිද්‍යලයේ ඇති වූ සිද්ධිය පිළිබඳව  පරීක්ෂණ කිරීමට කමිටුවක් ද  පත් කර තිබෙනවා.එම කමිටුව මේ වනවිට පූර්ණ කාලීනව විමර්ශන කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya