පසුගිය දා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටළුව පිළිබඳව ස්ථාවර නියෝග 23(2) යටතේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අඳහස් පළකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ වාර්තා ලබුණාම ඊළඟ පියවර සකච්ඡා කළ හැකියි. සෙනසුරාදා මේ සිද්ධිය ඇති වූ විගස මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මට කතා
කළා. උසස් අධ්‍යාපන ඇමැතිතුමාත්, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යතුමාත් කතා කළා. මේ ප්‍රශ්නය විසඳීමට උත්සහ ගත් සියලු දෙනාටම ස්තූති කරන්න අවශ්‍යයයි. බෝහෝ
අය මේ සම්බන්ධයෙන් සාමයක් ඇති කරන්න කියා ඉල්ලීම් කළා. මේ රටේ කවුරුත් ජාතිවාදයේ යෙදුණේ නෑ. කණ්ඩායම් සියල්ලම ඉතා වගකීමකින් ක්‍රියා කළා යැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.