අමාත්‍යවරයා මේ බව අද (7) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යොමු කළ ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමිනි.මන්ත්‍රීවරයා විසින් කම්කරුවන් වෙනුවෙන් ලබාදීමට අනුමතිය ලබාගත් රුපියල් 2500 අවම වැටුප් වැඩිවීම ලබාදෙන්නේ කවදාද යන්නත් වැටුප් වැඩි කිරීමට පියවර ගන්නේ ද යන්න ඇතුළු යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
රුපියල් 2500ක වැටුප් වැඩිවීම වැවිලි ක්ශේත්‍රයේ පෞද්ගලික සමාගම් සමහරක් තවමත් ලබාදී නැති බව වාර්තා වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආර්ථික කටයුතු කළමනාකරණ කමිටු මඟින් සාකච්ඡා කළ අතර ප්‍රාදේශීය වැවිලි සමාගම් අතර ද සාකච්ඡා වට කීපයක් පවත්වන ලදී.
ඒ අනුව වතු ක්ෂේත්‍රයේ තම නිෂ්පාදනයන් සඳහා ලැබෙන මිල පහළ යෑම නිසා මුහුණ දීමට ඇති දුෂ්කරතාවන් පිළිගෙන බැංකු හරහා ණයක් වශයෙන් මූල්‍ය පහසුකම් සළසා පළමු මාස 2හි ලබිය යුතු රුපියල් 2500 බැඟින් වූ පඩි වැඩිවීම් ප්‍රමානය වහාම ලබාදීමට පියවර ගෙන ඇත.
ඉන්පසු වැවිලි අමාත්‍යාංශයේ ද සහභාගීත්වය ඇතිව සාමූහික ගිවිසුමක් දෙපාර්ශවය අතර අත්සන් කිරීමට කඩිනම් පියවර ගැනීමට බලාපොරොත්තු වෙයි.සාමූහික ගිවිසුමක් අත්සන් කිරීම වතු සමාගම් හා සේවක වෘත්තීය සමිති අතර සාකච්ඡා සාර්ථකව නිමකර එකඟතාවයකට පැමිණීමෙන් පසුව සිදු කළයුතුව ඇත. මේ සඳහා කම්කරු අමාත්‍යාංශය හැකි සෑම අයුරකින් ම දිරිගැන්වීමෙන් කටයුතු කරන බව කිව යුතුය.
කාන්තා සේවිකාවන්ගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව නිරන්තරව විමසිලිමත්ව සිටින අතර වැඩබිමක් හෝ කර්මාන්ත ශාලාවක් පරීක්ෂා කරන සෑම අවස්ථාවකදීම මේ අංශ සම්බන්ධයෙන් වැඩි අවධානයක් දැක්වීම ප්‍රතිපත්තියක් කරගන්නා ලෙසට අප නිලධාරීන්ට නිරන්තරයෙන් උපදෙස් ලබාදෙනවා. යම් පමිණිල්ලක් තිබෙනවා නම් කම්කරු දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ අවධානයට ලක් කරන මෙන් ඉල්ලා සිටිනවා. වැටුප් ලබාදීම පනතක් මඟින් ක්‍රියාත්මකවන නීතියක්.යම් යම් කරුණු සැළකිල්ලට ගත යුතුව තිබෙනවා.මේ මුදල වහාම ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙල රජය ගනිමින් සිටිනවා.පළමු මාස දෙකට ණයක් ලෙස මුදලක් දෙනවා. සමූහික ගිවිසුමක් අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.