පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ''තල්පතයි- පන්හිදයි යා කරන සංහිදියාවේ චාරිකාවේ'' දෙවැනි පියවර ලෙස උතුරේජනමාධ්‍යවේදීන් දකුණේ සංචාරය සිදු කළ බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා ප්‍රකාශ කළේ ය.
මීට පෙර දකුණේ මාධ්‍යවේදීන් පිරිසක් උතුරේ සංහිදියාවේ චාරිකාවක නිරත වූ අතර එහිදි කළ ආරාධනයකට අනුව උතුරේ මාධ්‍යවේදීන් මෙම සහෝදරාත්මක චාරිකාවේ නිරත වූ බව ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට සඳහන් කළේ ය.
''තල්පතයි පන්හිඳයි යා කෙරෙන සංහිඳියාවේ චාරිකාව'' මාර්තු මස සිදුකෙරිනි. ඒ උතුරේ හා දකුණේ මාධ්‍යවේදීන් අතර සහජීවනය හා සංහිඳියාව ගොඩනැඟීමේ අපේක්ෂාවෙන් දකුණේ මාධ්‍යවේදීහු පසුගිය මාර්තු 26,27,28 තෙදින උතුරේ සංචාරයක නිරතවීමෙනි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා මාධ්‍ය සංවිධාන එක්ව සංවිධාන කළ මෙම සංචාරය මඟින් මාධ්‍යවේදින් අතර සුහදතාව වර්ධනය විය. ඒ සඳහා මනා ජවයක් වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හා නියොජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ද සහභාගී විය.
මෙම මස 06 වැනිදා ආරම්භකළ උතුරේ මාධ්‍ය සහෝදරයන්ගේ දකුණේ සංචාරය දින 04ක් සිදුකොට 09දායින් අවසන්වේ. දකුණේ සංචාරයට එක් වූ 54ක් වන මාධ්‍යවේදීන් පිරිස අද (07 දා) පාර්ලිමේන්තු පරිශ්‍රෙය්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවීය. ඔවුන්ගේ ගැටලු හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමාට හා අග්‍රාමාත්‍යතුමාට කරුණු දන්වා සිටියේ ය.
මෙම මාධ්‍යවේදීන් පිරිස වෙත 06දා රාත්‍රී භෝජන සංග්‍රහය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත කැඳවා ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා හමුවීමට අවස්ථාව සලසාදීම ද පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන් සිදු විය.
මෙදිනම මෙම පිරිස ශ්‍රී ලංකා රූපාවාහීනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලේක්හවුස් ආයතනය නැරඹු අතර 08දා මෙම පිරිස ජාතික කෞතුකාගාරය, ගාල්ලධීවර වරාය හා කොටුව කෞතුකාගාරය, රන්මිණිතැන්න සහ රාත්‍රී කතරගම පූජාව සිදුකොට 09දා යාපනය බලා පිටත්වේ.
මේ අවස්ථාවට ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන, අමාත්‍යාංශ ලේකම් නීතිඥ නිමල් බෝපගේ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය යන මහත්වරු ඇතුලු මාධ්‍යවේදීන් පිරිසක් එක්වූහ.
ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා