විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කළේ ය.
පනත ගෙන ඒමෙන් බලාපොරොතු වන්නේ, ව්‍යවස්ථාපිත මණ්ඩලයක් බවට පත් කිරීම සඳහා මේ කෙටුම්පත සභාවට ඉදිරිපත් කර තිබෙන්නේ. මේවනවිට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මඟින් විද්‍යා විෂය පසල් තුළ ප්‍රචලිත කිරීමට පර්යේෂණ දිරි ගැන්වීමට වැඩසටහන් රාශියක් ආරම්භ කර තිබෙනවා. අද හෙට දින දෙකක වැඩමුළුවක් දේශීය විද්වතුන් 400 කගේ සහභාගීත්වයෙන් සිදු වෙනවා.
ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය, බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව සාකච්ඡා කරනවා.ඉදිරි වසර 30 වනවිට අද පවතින ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් වැඩි වුණොත් වෙරළ ආශ්‍රිත ප්‍රදේශ මුහුදෙන් යටවෙන තත්ත්වයක් ඇතිවෙනවා.මෙයට හේතුව මිනිස් ක්‍රියාකාරකම්.අපේ රටත් ප්‍රථම වරට තිරසර සංවර්ධන හා වනජීවී යන අමාත්‍යාංශයක් ඇති කර තිබෙනවා.නව උත්පාදනය ප්‍රධාන අංගයක්.විද්‍යා තාක්ෂණ පරීක්ෂණ තුළින් පෙරදිග අපරදිග භේදයකින් තොරව නිෂ්පදන දකින්නට තිබෙනවා.ජනතාවගේ සුබසිද්ධියට කටයුතු කර තිබෙනවා. දවසෙන් දෙකෙන් පරීක්ෂණ කරන්න බෑ.අද ජෛව තාක්ෂණය මඟින් පැහැදිලිව සඳහන් කර තිබෙනවා, කෘෂි හා සත්ත්ව නිෂ්පාදනවල දී ප්‍රගතිය කොහොමද කියලා. බිලියන 12ක අවශ්‍යතා සපුරාගැනීමට කුමක්ද කරන්නේ? තිබෙන සම්පත්වලින් නවෝත්පාදන ඇති කිරීම තුළින් එය සිදු කළ හැකියි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.