අධ්‍යාපනය සඳහා යෙදවීමට පළාත් සභා වලට වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ 2016 වසර සඳහා බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එතරමි විශාල මුදලක් වෙන්කර ඇත්තේ අධ්‍යාපනයේ ඇති වටිනාකම නිසා බව ද කියා සිටියේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ උත්සවයේදීය.
යහපත් මිනිසුන් පිරි සමාජයක් ගොඩ නගන්නට ඉවසීම, අධිෂ්ඨානය, සංයමය සහ විනය ප‍්‍රගුණ කිරීම ක‍්‍රීඩාව තුළින් සිදුවන බැවින් යම් රටක් හෝ සමාජයක් දියුණු වීම සඳහා ක‍්‍රීඩාව නගා සිටුවීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා පැවසුවේ ආදි ශිෂ්‍ය සංගමය පාසැල වැඩි දියුණු කිරීමට අනුග‍්‍රහය දැක්වීම රජයට විශාල සහනයක් බවත් තමන් ඉගෙනගත් පාසැලට හැකි පමණ සේවය කිරීම සැමට ආදර්ශමත් ක‍්‍රියාවක් බවත් ය.
පාසැලට පැමිණි ජනාධිපතිතුමා පාසැල් ශිෂ්‍ය භට කණ්ඩායම විසින් මහත් හරසරින් පිළිගැනීමෙන් අනතුරුව උත්තමාචාර පෙළපාලියකින් උත්සව භූමියට කැඳවාගෙන යනු ලැබිණි.
අනතුරුව තීරු අටකින් යුත් මීටර් 25 ක් පමණ දිග පිහිනුම් තටාකය සහ ක‍්‍රීඩා සංකීර්ණය ද එම පාසැලේ ආදි ශිෂ්‍යයන් වෙනුවෙන් ඉදිකළ නව ගොඩනැගිල්ල ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.
එම විද්‍යාලයේ ගුරුභවතෙක් වන සරත් බණ්ඩාර මහතා විසින් ගරු ජනාධිපතිතුමාගේ සිතුවමක් ඒ අවස්ථාවේදී සිතුවම් කර ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සහ විදුහල්පති යාපා ගාමිණී තිලකරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිලිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය.
වකුගඩු අරමුදල සඳහා යෙදවිමට රුපියල් ලක්ෂයක පරිත්‍යාගයක් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි, වයඹ පළාත් මහ ඇමති ධර්මසිරි දසනායක, ජාතික ශිෂ්‍ය භට බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එල්.ඩබ්.සී.බී.බී. රාජගුරු, ආදිශිෂ්‍ය සංගමයේ සභාපති වයඹ පළාත් සභාවේ සභාපති ලක්ෂ්මන් වෙඩරුව, පළාත් සභා අධ්‍යාපන ඇමතිනි සන්ධ්‍යා රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ද ආදි ශිෂ්‍යයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.