ඒ අනුව ඡන්ද විමසීමකින් තොරව පනත් කෙටුම්පත පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟත්වයෙන් ඒකමතිකව සම්මත විය.
තොරතුරු දැනගනීමේ පනත් කෙටුම්පත යහපාලන ජාතික ආන්ඩුවේ ප්‍රමුඛ ජනතා පොරොන්දුවක් වූ අතර 2015 ජනවාරි 08 දින ලබූ ජයග්‍රහනයත් සමඟ රජය සඳහන් කළේ, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තවදුරටත් ශක්තිමත් කිරීමට තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට ලබාදෙන බවය.
ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පත පසුගිය මාර්තු 24 දින පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
පනත් කෙටුම්පත ඊයේ (23) සහ අද( 24) දින දවස පුරා විවාදයට ගත් අතර පක්ෂ විපක්ෂ අදහස් යෝජනා රැසක් ඉදිරිපත් විය. පනත් කෙටුම්පත ඒ අනුව කාරක සභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධන එක් කළේ ය.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත් කෙටුම්පත ජනතාවට ලබාදීම තුළින් රජයේ තිබෙන දේශපාලන කැපවීම ලෝකයට පෙන්වාදීමට හැකි වූ බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (23) පැවැති විවාදයේ දී සඳහන් කළේ ය.
විවාදයට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ,තොරතුරු දැනගැනීමට මේ රටේ ජනතාවට තිබෙන අයිතියක් බවත් එය ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් බවත් කිසිම ආණ්ඩුවකට මින් පසු තොරතුරු හැංගීමට නොහැකි බවත් ය.